ඔස්ට්‍රේලියාවට එන අලුත් මත්ද්‍රව්‍ය වර්ගයක් නිසා දේශසීමා බලකාය අවධානයෙන්

ජාත්‍යන්තර අපරාධ කණ්ඩායම් නව ක්‍රම භාවිතා කරමින් කැටමින් ඖෂධය රට තුළට ගෙන ඒමට උත්සාහ කරන බැවින් වාර්තාගත කෙටමින් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියා දේශසීමා වෙත ළඟා වෙමින් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා දේශසීමා බලකාය විසින් පසුගිය වසරේ කෙටමින් කිලෝග්‍රෑම් 882ක් අත්අඩංගුවට ගත් අතර එය 2022 දී අත්අඩංගුවට ගෙන තිබූ කිලෝ 415 මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්.

දේශසීමා බලකාය සඳහන් කළේ දේශසීමා තුළින් රට තුළට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් නිරන්තර මෙහෙයුම් සිදු කරන බැවින් සංවිධානාත්මක අපරාධ විසින් මත්ද්‍රව්‍ය සැඟවීමට වඩාත් සංකීර්ණ ක්‍රම භාවිතා කරන බවයි.

දේශසීමා බලකායේ යේ සහකාර කොමසාරිස් ජේම්ස් වොට්සන් ප්‍රකාශ කළේ පසුගිය 2023 වසරේ ජූලි මාසයේදී සිඩ්නි බලා යාමට නියමිතව තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක වෑන් රථ දෙකක පැනල තුළ සඟවා තිබූ බෑග් 79ක තිබී කෙටමින් කිලෝ 80කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

එම මාසයේම, මුහුදු භාණ්ඩ මගින් මෙල්බර්න් වෙත පැමිණි දියර සිමෙන්තිවල සඟවා තිබූ කෙටමින් කිලෝ 145ක් සොයා ගැනුණා.

ජාතික ඖෂධ අධීක්ෂණ වැඩසටහන් වාර්තාවට අනුව 2023 අප්‍රේල් මාසයේ දී ඉල්ලුම වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වීමත් සමඟ දේශසීමා වෙත ළඟා වන කෙටමින් ප්‍රමාණයේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් බුද්ධි අංශ හෙළි කරගෙන ඇත්තේ කෙටමින් සඳහා වන වෙළඳපොල තවමත් කොකේන් සහ මෙතම්ෆෙටමින් වැනි මත්ද්‍රව්‍යවලට වඩා බෙහෙවින් කුඩා බවයි.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »