ලොව වයස්ගතම සුනඛයාට හිමි ගිනස් වාර්තාව යළිත් ඔස්ට්‍රේලියාවට

මෙතෙක් ලොව ජීවත් වූ වයස්ගතම සුනඛයාට හිමි ගිනස් වාර්තාව යළිත් ඔස්ට්‍රේලියාවේ බ්ලූ නම් සත්වයාට හිමිවී තිබෙනවා.

ඒ මෙතෙක් වයස්ගතම සුනඛයා ලෙසට සැලකුණු පෘතුගාලයේ බොබිගේ වයස සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් කළ සමාලෝචනයකින් අනතුරුවයි.

මධ්‍යම වික්ටෝරියානු නගරයක් වන රොචෙස්ටර්හි ජීවත් වූ බ්ලූ සුනඛයාට ලොව වයස්ගතම සුනඛයාට හිමි ගිනස් වාර්තාව හිමිව තිබුණේ වයස අවුරුදු 29ක්ව තිබියදී යි.

1910 දී උපත ලබා ඇති බ්ලූ ගවයන් සහ බැටළුවන් රැක බලා ගන්නා සත්වයෙක් ලෙස වසර 20 කට ආසන්න කාලයක් සිය ස්වාමියාට සේවය කර තිබෙනවා.

ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කර වසර තුනකට පසුව 1939 වසරේ නොවැම්බර් 14 වනදා එම සත්වයා මිය ගියා.

අනතුරුව පෘතුගාලයේ සිටි බොබී නම් සුනඛයා වසර 31 ක් සහ දින 165ක් ජීවත් වූ බවට පැවසීම හේතුවෙනුයි එම සත්වයාට ගිනස් සම්මානය හිමි වුණේ.

ඒ 2023 වසරේ පෙබරවාරි මාසයේදීයි.

එහෙත් එම ලිපි ලේඛන සම්බන්ධයෙන් පැවති සැකයක් මත පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බොබී ගේ මරණයෙන් පසු ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් සමාලෝචනයක් සිදු කරනු ලැබුවා.

එම සමාලෝචනය පසුගිය පෙබරවාරි 22 වෙනිදා අවසන් වූයේ, බොබිගේ වයස සඳහා සාක්ෂි නොමැත යන්න සඳහන් කරමින්.

ඒ අනුවයි යළිත් ලොව වයස්ගතම සුනඛයාට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නට ඔස්ට්‍රේලියාවේ බ්ලූට හැකියාව ලැබී ඇත්තේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »