
නවසීලන්ත-ඕස්ට්‍රේලියානු සංචාරක බුබුල ඉදිරි පැය 72ක කාලයකට තාවකාලිකව නවතා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බවට සඳහන් වේ. මෙයට හේතු වී ඇත්තේ වඩාත් බෝවීමේ හැකියාවක් ඇති දකුණු අප්‍රිකානු කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳි කාන්තාවක් නවසීලන්තයෙන් වාර්තා වීමත් සමඟය.
මේ අනුව, ඉදිරි පැය 72 තුළ නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ට අනිවාර්ය හෝටල් නිරෝධායනයකට යා යුතුය.
තවද, ජනවාරි 14 හෝ ඊට පසු දිනක නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි ඕනෑම අයෙකුට COVID-19 පරීක්ෂණයක් ලබාගෙන ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු ස්වයං හුදකලා විය යුතු වේ.

නවසීලන්ත බලධාරීන් පැවසුවේ 56 හැවිරිදි මෙම නවසීලන්ත කාන්තාව නිරෝධායනය වෙමින් සිටි හෝටලයේ සිටි කොරෝනා වැළඳි රෝගියෙකුගෙන් ආසාදනය වී ඇති බවට සැක කරන බවයි.
නිරෝධායනයෙන් ඉවත්වීමට පෙර ඇය කොරෝනා කොරෝනා සඳහා පරීක්‍ෂණ දෙකක් සිදු කලද ඒවා සඳහා ඍණාත්මක ප්‍රතිඵල ලැබුණු අතර, ඇය නිරෝධායනය වීමෙන් පසු උතුරු නවසීලන්තයේ කැෆේ, බාර් සහ සාප්පු වැනි ස්ථාන 30 කට පමණ සහභාගී වී ඇති බව සඳහන් වේ.
