බිච් එකට වාහනයෙන් යන්නත් මුදල් ගෙවන්න වෙයි

ෂයර් ඔෆ් වරූනා පාලන ප්‍රදේශයේ පිහිටි ප්‍රෙස්ටන් බීච් වෙත ප්‍රවේශ වීම සඳහා ෆෝ වීල් රථ රියදුරන්ගෙන් මුදල් අය කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රෙස්ටන් බීච් බලධාරීන් මෙම කළමනාකරණ සැලැස්ම ඉදිරිපත් කිරීමට පෙර ෂයර් ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඒ අනුව පර්ත්ට නුවරට දකුණින් පිහිටි මෙම බටහිර ඕස්ට්‍රේලියා වෙරළ තීරය ෆෝ වීල් රියදුරන් සඳහා බලපත්‍ර හඳුන්වා දෙන පළමු වෙරළ තීරය බවට පත්වනු ඇති.

මෙවර ගිම්හාන සමය තුළ ප්‍රෙස්ටන් වෙරළට පැමිණෙන ජනතාවගේ විශාල වැඩිවීමක් දක්නට ලැබුණු අතර එය ෂයර් ඔෆ් වරූනා ප්‍රදේශයට ගැටළු රැසක් ඇති කළ බවයි වාර්තා වන්නේ.

ෂයර් ඔෆ් වරූනාහි සභාපති මයික් වොල්ම්ස්ලි පැවසුවේ වෙරළ තිරය අමුත්තන් විසින් විනාශ කර ඇති බවයි.

අවහිර කරන ලද හෝ විනාශ කරන ලද වැසිකිලි, නිසි පරිදි බැහැර නොකළ ආහාර කොටස් ඇතුළු කසළ, මාර්ගයේ නවතා ඇති වාහන අධික වීම වැනි ගැටලුවලට ප්‍රදේශවාසීන් මුහුණදී තිබෙනවා.

ෂයර් කවුන්සිලයේ වාර්තාවක් සඳහන් කළේ අබලන් වී තිබූ ජලනල සවිකිරීමේ පිරිවැය සහ කසළ බඳුන් එකතු කිරීම් සඳහා දින කිහිපයක් තුළ ඩොලර් 6,000ක් වැයවී ඇති බවයි.

ඒ අනුවයි කවුන්සිලය විසින් වෙරළට ප්‍රවේශ විය හැකි බලපත්‍ර පද්ධතියක් ඇතුළත් වෙරළ කළමනාකරණ උපාය මාර්ගයක් යෝජනා කර ඇත්තේ.

ප්‍රෙස්ටන් බීච් ස්වේච්ඡා සමූහ සාමාජික නොයෙල් ඩිව් පැවසුවේ මෙම තීරණය ෂයර් සඳහා අරමුදල් රැස් කිරීමක් නොවන අතර වසර ගණනාවක් වෙරළ තීරය ආරක්ෂිතව තබා ගැනීකේ ක්‍රමයක් පමණක් බවයි.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »