ඉන්න තැනත් අමතක වී පිරිමි ළමයෙකුට කරපු වැඩක් නිසා කාන්තාවක් හිරේ

14 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේ කාන්තාවකට වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙම කාන්තාව 2021 වසරේ රාත්‍රියක වයස අවුරුදු 16ට අඩු ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝම්බර් මාසයේදීයි වැරදිකරු ලෙස තීන්දු කර තිබුණේ.

හිංසනයට ලක්වූ පිරිමි ළමයා නඩු විභාගයේදී කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳ පියාට නොපවසන ලෙසට ප්‍රකාශ කරමින් කාන්තාව තමාට බලහත්කාරයෙන් ලිංගික හිංසන සිදු කළ බවයි.

එම සිද්ධියෙන් වසරකට පසුවයි පිරිමි ළමයා සිද්ධිය සම්බන්ධයෙන් තම මවට හෙළි කර ඇත්තේ.

ළමා ලිංගික අපරාධ ළමයින්ට දිගුකාලීන හා අතිශයින්ම හානිකර බලපෑම් ඇති කරන බව පර්යේෂණවලින් පෙන්නුම් කර ඇති බව විනිසුරුවරයා නඩු විභාගයේදී ප්‍රකාශ කළා.

සැකකාර කාන්තාව අධික ලෙස බීමත්ව මෙම අපයෝජනය සිදු කර ඇති බවට පිළිගෙන තිබෙනවා.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බවයි ඇයගේ නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »