ඔස්ට්‍රේලියාවේ මෙවර ග්‍රීෂ්ම ඍතුව වාර්තා අතරට එක්වූ හේතුව

කඩින් කඩ වර්ෂාපතනයක් ලැබුණ ද සිඩ්නි නුවරට ඉතිහාසයේ තුන්වන උණුසුම් ම ග්‍රීෂ්ම ඍතුව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුල වාර්තා වූ බව කාලගුණ වාර්තා පවසනවා.

දේශගුණ විද්‍යාඥ කෙට්ලින් මිනි පැවසුවේ වාර්තාගත උණුසුම්ම ගිම්හාන සමය 2018 වසරේ වූ අතර පසුව 2019 දී ද එවැනි දැඩි උණුසුමක් වාර්තා වී ඇති බවයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම වාර්තාවල වැඩි වීමක් දක්නට ලැබෙන බවයි ඇය සඳහන් කළේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙය වාර්තාගත 10 වන උණුසුම් ගිම්හානය වූ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සටහන් වන්නේ හයවන උණුසුම්ම ගිම්හානය ලෙසටයි.

2020 වසරෙන් පසු සිඩ්නි නුවර පෙබරවාරි මාසයක උණුසුම්ම දිනය පසුගිය 29 වන බ්‍රහස්පතින්දා සටහන් වූ අතර සෙල්සියස් අංශක 40කට ආසන්න උෂ්ණත්වයක් එදින වාර්තා වී තිබුණා.

සමස්ත ඔස්ට්‍රේලියානු ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම්ම දිනය පෙබරවාරි 18 වනදා අංශක 49.9ක් ලෙස බටහිර ඔස්ට්‍රේලියාවේ කැනාවන් ගුවන් තොටුපලේ වාර්තා වී තිබෙනවා.

මෙවර ග්‍රීෂ්ම ඍතුවේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ බෙල්ලන් ගොවිපළවලට හානි සිදු වූ අතර, ක්වීන්ස්ලන්තයේ බොහෝ පලතුරු සහ එළවළු වගාකරුවන්ට සුළි කුණාටුවලින් බලපෑම් එල්ලවුණා.

නමුත් අග්නිදිග ඔස්ට්‍රේලියාවේ මිදි වගා කරන්නන් විශිෂ්ට අස්වැන්නක් අපේක්ෂා කරන අතර ඉදිරි මාසවලදී චීනය වෙත වයින් අපනයනය නැවත ආරම්භ වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »