විදුලි බිල වැඩි නම් මේ දේවල් කරලා බලන්න

වැඩි වශයෙන් බලශක්තිය අවශ්‍ය වන ගෘහ උපකරණ අවධානයෙන් භාවිත කර විදුලිය මෙන්ම මුදල් ඉතිරි කර ගන්නා ලෙසට ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉහළ විදුලි බිලක් ලැබෙන එහෙත් කිසිදු සහනයක් නොමැති පුද්ගලයන්ට බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කර මුදල් ඉතිරි කිරීමට කාලය එළඹ ඇති බවයි සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ.

මූල්‍ය සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන කැන්ස්ටර් බ්ලූ (Canstar Blue) නිවාස 4,100කට වැඩි සංඛ්‍යාවක සිදු කළ සමීක්ෂණයක් මගින් විදුලි බිල්පත්වල අගයන් හඳුනාගෙන තිබෙනවා.

බලශක්තිය විශාල වශයෙන් වැය වන ප්‍රධාන උපකරණ අතරින් වායු සමීකරණය ප්‍රධාන තැනක් ගන්නා බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ගිම්හානයේදී, වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර විදුලි පංකාවක් භාවිතා කිරීමට උත්සාහ කළ යුතු අතර එමගින් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවයි දැක්වෙන්නේ.

නමුත් වායු සමීකරණ යන්ත්‍රයක් අතිශයින් අවශ්‍ය වන තරමට උණුසුම් නම් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ත් 26ත් තමා ගැනීමට කටයුතු කළ යුතුයි.

බලශක්ති කාර්යක්ෂමතා කවුන්සිලය පවසන්නේ එම අගයන්ට වඩා පහළ උෂ්ණත්වයකට යාම මගින් විදුලි බිල සියයට 15කින් වැඩි වන බවයි.

සාමාන්‍යයෙන්, භාවිත කිරීමෙන් පසු බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දැමීමට කටයුතු කළ යුතු වනවා.

එසේ නොවන්නේ නම් එම උපකරණ සඳහා විදුලි බිලෙන් සියයට 10ක් දක්වා වැය විය හැකි අතර එය වාර්ෂිකව ඩොලර් 100කට වඩා ඉහළ අගයක්.

සමීක්ෂකයන් පවසන්නේ වියදම් ඉතිරි කර ගැනීමට හොඳම ක්‍රමය ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා නොකරන විට එය විදුලියට සම්බන්ධ කරන ස්ථානයෙන්ම ක්‍රියා විරහිත කිරීමේ පුරුද්දක් ඇති කර ගත යුතු බවයි.

එමෙන්ම ශීතකරණය තම අවශ්‍යතා සඳහා නිවැරදි ප්‍රමාණය සහ කාර්යක්ෂමතාව සහිත එකක් තෝරා ගැනීමෙන් විදුලි බිලෙහි සියලු වෙනස්කම් සිදු කිරීමට හැකියාව පවතිනවා.

මයික්‍රොවේව් අවන්, රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සේදීමේ යන්ත්‍ර, ටෝස්ටර්, විදුලි කේතල වැනි උපකරණ අවම භාවිතයක් මගින් බලශක්තිය ඉතිරි කර ගැනීමට දායක වන ලෙසටයි ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »