ඔස්ට්‍රේලියාවේ ළමයින් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ සෑම ළමුන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ළමා දරිද්‍රතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

අධික ජීවන වියදම හමූවේ ගෘහාශ්‍රිත මූල්‍ය පීඩනය ඉහළයෑම මීට හේතුවයි.

ඔස්ට්‍රේලියාවේ යුනිසෙෆ් ප්‍රධානී කාටි මස්කිල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂණය සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවයි.

මේ අතර ලෝකයේ ධනවත්ම රටවල් 40ක සෑම දරුවන් 5 දෙනෙකුගෙන් 1 දෙනෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කළේ ලෝකයේ ධනවත්ම රටවල් 40 ක් පුරා දරිද්‍රතාවයෙන් ජීවත් වන ළමුන් සංඛ්‍යාව මිලියන 69 ඉක්මවා ඇති බවයි.

ප්‍රංශය, අයිස්ලන්තය, නෝර්වේ. ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි සංවර්ධිත රාජ්‍යන්ගේ ළමා දරිද්‍රතාව ඉහළ අගයක් ගන්නා බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »