මෙල්බන් සිට තුර්කියට යන්න ඉන්න අයට නව ඍජු ගුවන් සේවයක්

මෙල්බන් සිට තුර්කිය දක්වා ගමන් කරන මගීන් වෙනුවෙන් නව ගුවන් ගමන් වාරයක් ආරම්භ කිරීමට තුර්කි ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

තුර්කි ගුවන් සේවය ඊයේ රාත්‍රියේ පළමු වරට මෙල්බර්න් වෙත ළඟා වීමත් සමඟ ඕස්ට්‍රේලියානු සංචාරක වෙළඳපොළට නව තරගකරුවෙකු ඇතුළු වී ඇති ගුවන් ගමන් බලධාරීන් සඳහන් කළේ.

ඉස්තාන්බුල් සිට ඔස්ට්‍රේලියාව බලා යන ගුවන් තුර්කි සමාගමේ පළමු ගුවන් යානය ඊයේ රාත්‍රී 8.40ට මෙල්බර්න් ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබුවා.

නව සේවාව මගින් මෙල්බර්න් හි තුර්කි ප්‍රජාව ඇතුළු අනෙක් මගීන්ට ප්‍රතිලාභ ලබා දෙන අතර ටිකට් පත් මිල ඉහළ අගයක් නොගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

නව ගුවන් ගමන් දෙරට අතර සතියකට තුන් වතාවක් ක්‍රියාත්මකයි.

ගුවන් සමාගමේ ශීත ඍතු මෙහෙයුම් සඳහා Boeing 787 යානා භාවිතා කරන අතර ගිම්හාන සාමය සඳහා A350 වර්ගයේ යානා භාවිතා කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ සිට තුර්කිය දක්වා වන ජාත්‍යන්තර ගුවන් ගමන් සිංගප්පූරුව දක්වා ගමන් කර ඉන් අනතුරුවයි නැවත තුර්කිය බලා පිටත්ව යන්නේ.

එහෙත් නව වැඩිදියුණු කළ ගුවන් යානා ලබා ගැනීමෙන් පසු එලෙස නැවතීමකින් තොරව සෘජුවම පියාසර කිරීමට හැකියාව පවතිනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »