Search

ඉන්දීය ප්‍රකෝටිපතියා පුතා වෙනුවෙන් පැවැත්වූ ඉතිහාසගත වන මංගලෝත්සවය

ලොව ධනවතුන් අතර ඉහළින්ම සිටින ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට පෙර පැවැත්වෙන දින තුනක උත්සවය සඳහා ලොව පුරා සිටින ප්‍රකෝටිපතියන්, රාජ්‍ය නායකයින්, හොලිවුඩ් සහ බොලිවුඩ් රැසකට ඇරයුම් කර තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශයක පිහිටි ඔහුගේ උපන් ගම් ප්‍රදේශයේදී පැවැත්වෙන මෙම මංගලෝත්සවය එහි ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම උත්සවය වනු ඇති බවයි සඳහන් වන්නේ.

විවාහ මංගල්‍යයට ඇරයුම් ලැබූ පුද්ගලයන් 1200කට ආසන්න අමුත්තන්ගේ ලැයිස්තුවට බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඇමරිකාවේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් වන සුන්දර් පිචායි මෙන්ම ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප් ද අයත්.

ඉන්දීය ප්‍රකෝටිපතියන් වන ගෞතම් අදානි සහ කුමාර් මංගලම් බිර්ලා, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, දීපිකා පදුකෝන්, ෂාරුක් ඛාන් සහ රාණි මුඛර්ජි වැනි බොලිවුඩ් නළු නිලියන් ද මෙම අවස්ථාවට ඇරයුම් ලබා තිබුණා.

සුපිරි පොප් ගායිකා රිහානා, මැජික් ශිල්පියෙක් වන ඩේවිඩ් බ්ලේන් සහ සුප්‍රසිද්ධ බොලිවුඩ් ගායකයින් ද මෙම පිරිසට අයත් බව සඳහන්.

ගායිකා රිහානා මෙම අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 13 ක් පමණ අය කරනු ඇති බවයි ඉන්ඩියා ටුඩේ වාර්තා කළේ.

අමුත්තන්ගේ ලැයිස්තුවට කටාර්හි අගමැති, හිටපු කැනේඩියානු අගමැති මෙන්ම භූතානයේ රජු සහ රැජින ද අයත් වනවා.

2018 වසරේ මුකේෂ් අම්බානිගේ දියණිය වන ඉෂා අම්බානිගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට බියොන්සේට ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් ගෙවා ඇති බව වාර්තා වුණා.

මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන 28 හැවිරිදි අනන්ට් අම්බානි තම දීර්ඝ කාලීන පෙම්වතිය වන රාධිකා මර්චන්ට් සමඟ ලබන ජූලි මාසයේදී විවාහ වීමට නියමිතයි.

ඊට පෙර දින තුනක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත උත්සවය විවාහ මංගල්‍යයේදී පවතින සුඛෝපභෝගී බවට සාක්ෂියක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

පැමිණෙන අමුත්තන් වෙනුවෙන් සෑම දිනකම නව ඇඳුම් සමඟින් කොණ්ඩා මෝස්තර ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් සහ ඉන්දියානු ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස මුකේෂ් අම්බානි ලැයිස්තුගත කර ඇති අතර ඔහුගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම යනු තෙල් හා ගෑස් සිට සන්නිවේදනය සහ සිල්ලර වෙළඳාම දක්වා වූ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100ක් පමණ වන දැවැන්ත සමූහ ව්‍යාපාරයක්.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »