
කැෆේ සහ අවන්හල්වලින් පිටතට රැගෙන යන නොදිරන කෝපි කෝප්ප ඇතුලු උපකරණ කිහිපයක් තහනම් කිරීමට බටහිර ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එක් වරක් භාවිත කළ හැකි, නොදිරන කෝපි කෝප්ප තහනම් කළ පළමු ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත්ව ඇති අතර, බලධාරීන් පවසන්නේ මෙමගින් මිලියන ගණනක මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇති බවයි.
නව නීති රීති අනුගමනය නොකරන පුද්ගලයන් සඳහා ඩොලර් 5,000ක් හෝ ව්‍යාපාර සඳහා ඩොලර් 25,000ක් දක්වා දඩ මුදල් නියම කෙරෙනු ඇති.

ඒ වෙනුවට, කැෆේ සඳහා දිරා යන කඩදාසි කෝප්ප භාවිතා කළ හැකි අතර නැතහොත් පාරිභෝගිකයින් තමන්ගේම කෝප්ප රැගෙන ඒමට දිරිමත් කළ හැකි බවයි ප්‍රාන්තයේ පරිසර අමාත්‍ය රීස් විට්බි කියාසිටියේ.
දශක ගණනාවක් තිස්සේ පරිසරයේ ප්ලාස්ටික් හේතුවෙන් පවතින ගැටළු හමුවේ මෙය පරිසරය සඳහා ගත් විශිෂ්ට පියවරක් බව ද ඔහු සඳහන් කළා.

පබළු සහ කපු බඩ් කූරු ඇතුළු භාණ්ඩ කිහිපයක තහනම 2023 වසරේ සිට ක්‍රියාත්මක වන අතර ප්ලාස්ටික් නිෂ්පාදන බෑග් සහ පියන සහිත ටේක්අවේ බඳුන් විකිණීම ද තහනම් වනවා.
පරිසර අමාත්‍ය රීස් විට්බි පැවසුවේ කෝපි කෝප්ප මිලියන 154කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය බිලියනයකට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව කුණු ගොඩවල්වලින් ඉතිරි වන බවයි.
දකුණු ඔස්ට්‍රේලියාව පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙවැනි නොදිරන බඳුන් අලෙවියෙන් ඉවත් වීමට පියවර ගෙන තිබුණ ද නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල දක්නට ලැබෙන්නේ මන්දගාමී ප්‍රගතියක්.