මෙල්බන් ගිනි තැබීම්වලට සම්බන්ධ නොසිතූ පිරිසක් අත්අඩංගුවේ

මෙල්බන් සහ බැලරට් හි ගිනි තැබීම්වලට සම්බන්ධ ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇතුලු යොවුන් වියේ පසුවන්නන් 4 දෙනෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

16 හැවිරිදි තරුණයෙකු සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඉතිරි තුන් දෙනාට ළමා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

ස්ප්‍රින්ග්වේල් ප්‍රදේශයේ නිවාස තුනක සෝදිසි වරෙන්තුවක් මත කළ මෙහෙයුමකදී මෙම පිරිමි ළමයින් දෙදෙනා සහ ගැහැණු ළමයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වොංගා පාර්ක්හි සිදු වූ දරුණු සොරකමක්, බැලරට්හි දුම්කොල අලෙවි සැලක ගිනි තැබීමක් සහ මිල් පාර්ක් අවන්හලක ගිනි තැබීම් දෙකකට සම්බන්ධ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

අවුරුදු 14 15 සහ 16 වයස්වල පසුවන ඔවුන්ට ගින්නෙන් සාපරාධී හානි කිරීම, ජීවිතය අනතුරේ හෙළීම, බරපතල තුවාල සිදුකිරීම, මෝටර් රථයක් සොරකම් කිරීම, තහනම් ආයුධයක් ළඟ තබා ගැනීම ඇතුලු චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලිසිය සඳහන් කළා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »