මාර්ග නීති කඩන අයට දඩ වැඩිවෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාර්ගවල වේග සීමා උල්ලංඝණය කිරීම සහ මාර්ග නීති කඩකිරීම් සම්බන්ධ දඩ මුදල් සියයට හතරකින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත රජය නිවේදනය කළේ ජූලි මස පළමු වනදා සිට මාර්ග නීති කඩ කිරීම් සඳහා වන දඩය සියයට හතරකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යන බවයි.

නව නීති අනුව නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝමීටර් 11ක වේගයෙන් ධාවනය කර හසු වුවහොත් ඩොලර් 322ක දඩයක් ගෙවීමට සිදු වනු ඇති.

දුරකථන භාවිත කරමින් රිය ධාවනයට චෝදනා එල්ල වන රියදුරන්ට නියම වන දඩය ඩොලර් 1200ක් පමණ වනු ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.

සීමාව ඉක්මවා කිලෝමීටර් 40කට වඩා වේගයෙන් ධාවනය කළ හොත් ඩොලර් 1900කට ආසන්න දඩයකට යටත් වීමට සිදු වනු ඇති.

ප්‍රාන්තයේ නියෝජ්‍ය විපක්ෂ නායකවරයා පැවසුවේ ප්‍රාන්තයේ මාර්ග ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ගැටළු පවතින අතර දඩ නිකුත් නොකළ යුතු තැනට රජය විසින් දඩ නිකුත් කර ඇති බවයි.

මෙම දඩ මුදල් සහ ගාස්තු මාර්ග ආරක්ෂාව සහ මාර්ග නඩත්තු කිරීම සඳහා යොදා ගන්නේ ද යන්න පිළිබඳ ක්වීන්ස්ලන්ත වැසියන්ට දැන ගැනීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »