
පිළිකා වැනි බරපතල රෝගාබාධයකට මුහුණ දුන් අයට IVF හෙවත් නළ දරු උපත් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ක්වීන්ස්ලන්ත රජය ඩොලර් මිලියන 42.3 ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බ්‍රිස්බේන් නාරිවේද වෛද්‍යවරයකු පැවසුවේ තම බරපතළ අසනීපයට ප්‍රතිකාර කිරීමෙන් පසු සරු බව සම්බන්ධ ගැටළු ඇති රෝගීන්ට මෙවැනි අරමුදල් තුළින් සැබවින්ම පවුලක් ආරම්භ කිරීමට අවස්ථාව හිමි වන බවයි.
ඔස්ට්‍රේලියාවේ සෑම අඹු සැමි යුවළ හය දෙනෙකුගෙන් එක් අයෙක් සරු බව පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන අතර රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාරවලට භාජනය වූ අයට ප්‍රජනන ගැටළු ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.

නව පැකේජය යටතේ ක්වීන්ස්ලන්ඩ් රෝහල්වල පිළිකා හෝ වෙනත් සංකීර්ණ රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට ප්‍රජනන ආධාර ප්‍රතිකාර ලබාදීම සඳහා අදාළ මුදල් ආයෝජනය කෙරෙනු ඇති.
එමඟින් ප්‍රාන්තය පුරා සරු බව සුරැකීම අරමුණු කරගෙන ඇති අතර අනාගතයේ දී පවුලක් ඇති දැඩි කිරීමේ අපේක්ෂාවන් සඳහා කල්තියා සැලසුම් කිරීමට ඉඩ සැලසෙනු ඇතැයි අපේක්ෂිතයි.

රෝයල් බ්‍රිස්බේන් කාන්තා රෝහලේ සශ්‍රීකත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවිනි අමරතුංග සඳහන් කළේ මෙවැනි ආයෝජනයක් සඳහා සැබෑ අවශ්‍යතාවයක් පවතින බවයි.
විශාල මුදලක් ගෙවීමකින් තොරව නල දරු උපත් වැනි ක්‍රමවේදවලට යාමට වෛද්‍යවරුන්ට මග සැලසෙන බැවින් පිරිමින්ට සහ කාන්තාවන්ට මෙමගින් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරිය කියාසිටියා.
මෙය පවුලක් ආරම්භ කිරීමට කැමති පිළිකා සහ වෙනත් සංකීර්ණ වෛද්‍ය තත්වයන් සහිත ක්වීන්ස්ලන්ත වැසියන්ට තීරණාත්මක කරුණක් බවයි විශේෂඥ වෛද්‍ය දේවිනි අමරතුංග පෙන්වා දුන්නේ.