ඝාතනයට ලක්වූ යුවළට මාර්ඩි ග්‍රාස් පෙළපාළියේදී ගෞරව

සිඩ්නි නුවර පැවැත්වෙන වාර්ෂික මාර්ඩි ග්‍රාස් පෙළපාළියේදී ඝාතනයට ලක් වූ සමලිංගික යුවළ වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පවත්වා තිබෙනවා.

මෙවර 46 වන වරට පැවැත්වෙන ආදරය හා එකමුතුකමේ වාර්ෂික සැමරුම සඳහා දහස් ගණනක් සිඩ්නි වෙත එක්ව සිටි බව සඳහන්.

26 හැවිරිදි මාධ්‍යවේදී ජෙසී බෙයාර්ඩ් සහ ක්වන්ටාස් ගුවන් සේවකයෙකු වූ වන 29 හැවිරිදි ලූක් ඩේවිස්ගේ සිරුරු පසුගිය අඟහරුවාදා සිඩ්නි නගරයෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයකින් සොයා ගැනුණා.

මාධ්‍යවේදියාගේ පෙම්වතෙකුව සිටි බව කියන පොලිස් නිලධාරියෙකුටයි මෙම ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ.

මෙවර මාඩි ග්‍රාස් සංවිධායකයින්ට සිය සැමරුම් උත්සවයට පොලිසියක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ ද සාකච්ඡාවලින් පසු සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්ට ඊට එක්වීමට අවසර ලැබී තිබෙනවා.

අදාළ ඝාතනය වෙනුවෙන් පොලිසියට විරෝධය දැක්වීම සඳහායි පොලිසිය අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කෙරුණේ.

පෙළපාලිය සවස 7.30 ට ආරම්භ වූ අතර දහස් ගණනක් සහභාගිවන්නන් සහ නරඹන්නන් සමඟ සිඩ්නි ඔක්ස්ෆර්ඩ් වීදිය ඔස්සේ ගමන් කර තිබුණා.

සංවිධායකයින් පැවසුවේ “අපේ අනාගතය” යන්න තේමා කර ගනිමින් මෙවර පෙළපාළිය පැවැත්වෙන බවයි.

සිඩ්නිහි මාර්ඩි ග්‍රාස් පෙළපාළියට සංකීර්ණ ඉතිහාසයක් පවතින අතර 1978 වසරේ පළමු පෙළපාලියේදී ආරක්ෂක අංශ විසින් මිනිසුන්ට පහර දී අත්අඩංගුවට ගැනීම් ද වාර්තා වුණා.

පසුගිය දශක දෙක තුළ මාර්ඩි ග්‍රාස් පෙළපාළියට නිල ඇඳුමින් සැරසුණු පොලිසිය සහභාගී වී තිබුණ ද මෙවර සංවිධායකයින් පැවසුවේ විරෝධතා දැක්වීමට සහ අහිමි වූවන්ට ගෞරව කිරීමට නිලධාරීන් අවශ්‍ය නොවන බවයි.

කෙසේවෙතත් පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ ඝාතන සමලිංගික වෛරී අපරාධයක් නොවන අතර සාමාන්‍ය ඝාතනයක් පමණක් බවයි.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »