ඩන්ක්ලි කොට්ටාශය වෙනුවෙන් පැවති තීරණාත්මක අතුරු මැතිවරණය ලේබර් පක්ෂ අපේක්ෂිකා ජෝඩි බෙලියා ජයග්‍රහණය කර තිබෙනවා.
ප්‍රකාශිත ඡන්දවලින් ජෝඩි බෙලියා ඡන්ද 42,444ක් හිමි කර ගත් අතර නේතන් කොන්රෝයි හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව 38,351ක්.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් සඳහන් කළේ ෆෙඩරල් පාර්ලිමේන්තුව මගින් ප්‍රාදේශීය ප්‍රජාවට සේවය කිරීමේ ගෞරවය දිනා ගැනීම පිළිබඳව ජෝඩි බෙලියාට සුබ පැතුම් පළ කරන බවයි.
ලිබරල් පක්ෂය මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී රජයට පීඩනයක් එල්ල කළ හැකි බැවින් ඊට පෙර පැවති මෙම මැතිවරණය රජයට ඇති ජනතා කැමැත්ත උරගා බැලීමක් ලෙසටයි සැලකුණේ.
ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පෙටා මර්ෆි පියයුරු පිළිකාවෙන් මිය යාමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම සිදු කෙරුණා.
ලේබර් අපේක්ෂිකා ජෝඩි බෙලියා අවදානමට ලක්විය හැකි කාන්තාවන් සඳහා සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන දේශීය ස්වේච්ඡා කණ්ඩායමක නිර්මාතෘවරියයි.
ලිබරල් අපේක්ෂක නේතන් කොන්රෝයි ෆ්‍රෑන්ක්ස්ටන්හි වත්මන් නගරාධිපතිවරයා ලෙසට කටයුතු කරනවා.
ඔහු වයස අවුරුදු 19 දී අයර්ලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙක්. අපේක්ෂකයන් දෙදෙනාම මැතිවරණයට පෙර සඳහන් කළේ ජීවන වියදම් අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.