දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්න කාන්තාවන්ට අලුත් ඖෂධයක්

ගැබ් ගැනීමේ අපහසුතා ඇති කරන එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් නව ඖෂධයක් අනුමත කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් නව ඖෂධය අනුමත කර ඇති අතර එය වසර 13කට පසුව සිදු කරන ලද පළමු අනුමැතිය ලෙසටයි සැලකෙන්නේ.

නව ප්‍රතිකාරය සඳහා අනුමැතිය හිමි වුව ද එහි වියදම් රෝගීන්ට ඉහළ ආර්ථික බරක් ඇති කළ හැකි බවට පැවසෙනවා.

එන්ඩොමෙට්‍රියෝසිස් යනු ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලයට සමාන පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වන රෝගයක් වන අතර එමගින් ගැබ් ගැනීම අපහසු කරනවා.

එය කාන්තාවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට වැළඳෙන හෝ උපතේදී කාන්තාවන්ට පිහිටන නිදන්ගත රෝගයක්.

ගර්භාෂයට සමාන පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වෙමින් ඒ ආශ්‍රිතව වෙන්ව ඇති ඉන්ද්‍රියන් හා සම්බන්ධ වෙමින් වේදනාකාරී තත්වයන් මතු වනවා.

ඒ අනුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය හා සම්බන්ධ මධ්‍යස්ථ හෝ දරුණු වේදනාවක් ඇති පුද්ගලයින් ඉලක්ක කර ගෙනයි මෙම ඖෂධ භාවිතයට අනුමැතිය ලබාදී ඇත්තේ.

නව ප්‍රතිකාර ක්‍රමය වෙනුවෙන් සහනාධාර ඉල්ලුම් කර ඇති අතර, ඖෂධ ප්‍රතිලාභ උපදේශක කමිටුවේ තීරණය මේ මස අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සුදුසුකම් ලත් රෝගීන්ට බෙහෙත් වට්ටෝරුව සඳහා ඔවුන්ගේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වනු ඇති අතර මාසයක සැපයුම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 135 ක් වැය වන බව සඳහන්.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »