ගංජා වගාවට අවසර හිමි වූ ඔස්ට්‍රේලියාවේ පළමු සමාගමට නොසිතූ කරදරයක්

ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හුවමාරුව විසින් ඔස්ට්‍රේලියාවේ විශාලතම ඖෂධීය ගංජා නිෂ්පාදන සමාගමක් වන කැන් ගෲප් සමාගමේ කොටස් අත්හිටුවා තිබෙනවා.

ඒ අනාගත අරමුදල් සඳහා එහි මුල්‍යමය තත්වය ප්‍රමාණවත් නොවන බවට විගණකාධිපතිවරයෙකු විසින් වාර්තා කිරීමෙන් පසුවයි.

ඔවුන් මූල්‍ය වාර්තාවක පෙන්වා දී ඇත්තේ අඛණ්ඩව ක්‍රියාත්මක වීමට අරමුදල් හෝ මූල්‍යකරණය සුරක්ෂිත කිරීම සඳහා විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

2017 වසරේ දී ඔස්ට්‍රේලියා රජයේ ඖෂධ පාලන කාර්යාලය විසින් ගංජා පර්යේෂණ බලපත්‍රයක් නිකුත් කළ පළමු සමාගම කැන් ගෲප් සමාගම වනවා.

ඔවුන් මිල්දුරා නගරයට නුදුරින් පිහිටි ඖෂධීය ගංජා වගාවක් සඳහා ඩොලර් මිලියන 49ක් ආයෝජනය කර ඇති අතර කාර්ය මණ්ඩලය 40ක් පමණ එහි සේවය කරමින් සිටිනවා.

සමාගමට ඉදිරි මාස 12 තුළ ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් අරමුදල් ලබා ගැනීමට හැකි බවට සාක්ෂි සැපයීමට සමාගමට සහ එහි අධ්‍යක්ෂවරුන්ට නොහැකි වූ බවයි විගණකාධිපති විලියම් බක්ගේ වාර්තාවකින් හෙළිවී ඇත්තේ.

බ්‍රහස්පතින්දා නිකුත් වූ එහි අර්ධ-වාර්ෂික මූල්‍ය වාර්තාවේ දැක්වෙන්නේ දෙසැම්බර් 31 දක්වා අර්ධ වර්ෂය තුළ ඩොලර් මිලියන 14.34ක මෙහෙයුම් අලාභයක් වාර්තා කළ අතර ඩොලර් මිලියන 64ක පමණ ණය පවතින බවයි.

මිල්දුරා සමාගම් භුමියේ භාවිතයට නොගත් වත්කම් ද තිබූ අතර ඒවා ඩොලර් මිලියන 1.7කට අලෙවි කළ හැකි බව වාර්තාවේ සඳහන්.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »