දින 4ක් පමණක් වැඩ කරලා නිදහසේ ඉන්න අවස්ථාව ළඟදීම

දින හතරක වැඩ සතිය ක්‍රියාත්මක කර ගැනීමේ යෝජනා සඳහා බටහිර ඔස්ට්‍රේලියාවේ තවත් වෘත්තීය සමිතියක සහාය ලැබී තිබෙනවා.

1956 වසරේදී එවකට ඇමරිකා උප ජනාධිපති රිචඩ් නික්සන් සිය කතාවක් ඔස්සේ සඳහන් කර තිබුණේ දින හතරක වැඩ සතියක් ඉතා නුදුරු අනාගතයේ යථාර්ථයක් වනු ඇති බවයි.

ඉන් වසර 70කට ආසන්න කාලයකට පසුවත්, මෙම සංකල්පය තවමත් බොහෝ දෙනෙකුට සිහිනයක් හෝ සම්පූර්ණයෙන්ම ඉටු කළ නොහැකි සිහිනයක් ලෙසටයි සැලකෙන්නේ.

ඔස්ට්‍රේලියානු සේවා සංගමය මෙය වෙනස් කිරීමට පෙරමුණ ගත් අතර, පසුගිය 2023 වසරේ ඔක්ස්ෆෑම් නම් රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් සඳහා ඔවුන් දින හතරක වැඩ සතියක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එය ඔස්ට්‍රේලියාවේ එවැනි තීරණයක් ගත් පළමු සංගමය බවට පත් වෙමින්.

පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රජා සහ රාජ්‍ය අංශයේ සංගමය, සිවිල් සේවා සංගමය එය අනුගමනය කිරීම වෙනුවෙන් වූ සිය සැලසුම් නිවේදනය කර තිබෙනවා.

ඔවුන් යෝජනා කරන දින හතරේ වැඩ සතියට ළමා ආරක්ෂණ නිලධාරීන්, තරුණ භාරකාර නිලධාරීන්, උද්‍යාන ආරක්ෂකයින්, පශු වෛද්‍ය විද්‍යාඥයින් සහ දන්ත කාර්මික ශිල්පීන් ඇතුළුව බටහිර ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයෙන් හතරෙන් එකක් අයත්.

ලබන ජුනි මාසයේ කල් ඉකුත් වීමට නියමිත රාජ්‍ය අංශයේ සිවිල් සේවා සංගම් ගිවිසුම සඳහා ප්‍රතිස්ථාපන ගිවිසුමක් සඳහා ගෙන ඒමේදී දින හතරේ වැඩ සතිය සම්බන්ධ යෝජනාව ඊට ඇතුලත් කෙරෙනු ඇති.

ඔවුන් ඉල්ලා සිටින්නේ නියමු වැඩසටහනක් සහ අත්හදා බැලීමක් සිදු කර එය ඵලදායීව ක්‍රියාත්මක වන බවට රජය දැක බලා ගත යුතු බවයි.

පසුගිය වසරේ, එක්සත් රාජධානියේ සමාගම් 61ක් සම්බන්ධ වී ලොව විශාලතම දින හතරේ වැඩ සතියේ අත්හදා බැලීමක් සිදු කළ අතර එහිදී ආදායම සියයට 1.4 කින් ඉහළ ගොස් ඉල්ලා අස්වීම් සියයට 57 කින් පහත වැටී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සහභාගී වූ සමාගම්වලින් සියයට 92ක් එම දින 4 වැඩ සතිය තවමත් සිදු කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු කරන ලද එවැනි කුඩා පරිමාණ අධ්‍යයනයකින් ද සමාන ප්‍රතිඵල පෙන්නුම් කරනු ලැබුවා.

සමාගම් හතරක් එම වෙනස් කිරීම අනුමත කළ අතර ඉතිරි සමාගම් අත්හදා බැලීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා රජය ද රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා දින හතරක වැඩ සතියේ අත්හදා බැලීමක් සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට එකඟ වී ඇති බව සඳහන්.

දින හතරක වැඩ සතියක් මගින් සේවකයින්ගේ සෞඛ්‍ය හා යහපැවැත්මේ වැඩි වීමක් මෙන්ම සේවා ස්ථානවල ඵලදායිතාවයේ වැඩි වීමක් ද පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වී ඇත්තේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »