Search

කොව්ඩ් එන්නත් ලබා නොගැනීම නිසා සේවයෙන් ඉවත් කළ පිරිසට හොඳ අවස්ථාවක්

කොවිඩ් එන්නත් ලබා ගැනීමට අකමැති වීම හේතුවෙන් සෞඛ්‍ය සේවයෙන් ඉවත් කරනු ලැබූ කම්කරුවන් නැවත එම සේවා සඳහා සම්බන්ධ කර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කර ඇතැයි පැවසෙන ප්‍රකාශ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එන්නත් කිරීමට අකමැති සේවකයින්ට නැවත ආයතනවලට සම්බන්ධ වීම වැළැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා නියෝගයක් නිකුත් කර ඇති බවට වන ප්‍රකාශ සෞඛ්‍ය අමාත්‍ය ෂැනන් ෆෙන්ටිමන් ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

සියලු සේවකයන් කොවිඩි එන්නත් ලබාගෙන සිටිය යුතු බවට වූ නියෝග පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් සේවයෙන් පහ කරන ලද හෝ ඉල්ලා අස් වූ 1200ක් පමණ සේවකයින්ට සේවා සඳහා නැවත අයදුම් කිරීමට හැකි වනු ඇති.

එන්නත් ලබාගෙන තිබිය යුතු බවට වන නියෝග ඉවත් කර තිබියදීත් ඇතැම් කම්කරුවන්ට වෙනත් රැකියාවක් සඳහා ඉල්ලුම් කළ නොහැකි බව දන්වා ඇති විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙනුයි මෙම කතා බහ මතු වී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කළේ එවැනි කිසිදු නියෝගයක් නොමැති අතර සේවයෙන් ඉවත් වූ පුද්ගලයන්ට යළි පැමිණීමට කිසිදු බාධකයක් නොමැති බවයි.

සෞඛ්‍ය සීමා ඉවත් කිරීමෙන් පසු සේවයෙන් පහ කරන ලද හෝ ඉල්ලා අස් වූ කම්කරුවන් 40ක පමණ සංඛ්‍යාවක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට යළි පැමිණ තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »