ඩන්ක්ලි කොට්ඨාශයේ මන්ත්‍රී අසුනක් වෙනුවෙන් මැතිවරණය ඇරඹෙයි

ඩන්ක්ලි මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයේ ඡන්ද විමසීම් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඩන්ක්ලි මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයේ ඡන්ද විමසීම් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පෙටා මර්ෆි පියයුරු පිළිකාවෙන් අභාවප්‍රාප්ත වීමෙන් පසු ඩන්ක්ලි ආසනය සඳහා ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි මැතිවරණය පැවැත් වෙන්නේ.

ඩන්ක්ලි මැතිවරණ කොට්ඨාශය ෆ්‍රැන්ක්ස්ටන් (Frankston), කැරම් ඩවුන්ස් (Carrum Downs), ලැන්ග්වොරින් (Langwarrin) සහ (සැන්ඩ්හර්ස්ට්) Sandhurst ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක් ආවරණය කරනු ලබනවා.

පාර්ලිමේන්තු ආසනයක් වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණය ලේබර් සහ ලිබරල් පක්ෂ දෙකටම ඉතාම තීරණාත්මක මැතිවරණයක් ලෙස හැඳින්වෙනවා.

මෙම මැතිවරණ වත්මන් ලේබර් පක්ෂය සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය මැනගැනීමට ද අවස්ථාව ලැබෙන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඩන්ක්ලි මැතිවරණ කොට්ඨාශය කම්කරු ආසනයක් ලෙස සලකනු ලැබුව ද දේශපාලන විශේෂඥයින් පවසන්නේ මීළඟ ෆෙඩරල් මැතිවරණයට පෙර ඡන්දදායකයින් පිළිබඳ පරීක්ෂාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි.

ෆ්‍රෑන්ක්ස්ටන්හි වත්මන් නගරාධිපතිවරයා ද වන ප්‍රාදේශීය ලිබරල් අපේක්ෂක, නේතන් කොන්රෝයි සමගින් ලේබර් පක්ෂ අපේක්ෂිකා ජෝඩි බෙලියා මන්ත්‍රී අසුන වෙනුවෙන් තරගයට ඉදිරිපත්ව සිටිනවා.

කාන්තාවන් සඳහා සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන දේශීය ස්වේච්ඡා කණ්ඩායමක නිර්මාතෘවරියක් ලෙසට බෙලියා සැලකෙනවා.

අපේක්ෂකයන් දෙදෙනාම පවසන්නේ ජීවන වියදම් අර්බුදය විසඳීමට තමන්ට අවශ්‍ය බවයි. ඡන්ද විමසීම අද සවස 6 ට අවසන් වනු ඇති.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »