මැද පෙරදිග යන්න ගිහින් නෞකාවේ සිරවි සිටි සතුන් ගැන අවසන් තීරණයක් ගනී

අපනයනය කිරීම සඳහා සූදානම් කර නෞකාවක සිරවී සිටි දහස් ගණනක් වූ සත්වයින් යළිත් බටහිර ඔස්ට්‍රේලියාවේ සිට මැද පෙරදිගට ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

රතු මුහුදේ ආරක්ෂක ගැටළු මධ්‍යයේයි බැටළුවන් 14,000ක් සහ ගවයින් 1,000ක් පමණ බටහිර ඕස්ට්‍රේලියාවට නැවත රැගෙන විත් තිබුණේ.

එම සතුන් මාසයකට වැඩි කාලයක් අදාළ නෞකාවේ රඳවා සිටින අතර එය රතු මුහුද හරහා නොගොස් ඊශ්‍රායලයට සතුන් ප්‍රවාහනය කරනු ඇතැයි අපේක්ෂිතයි.

එම් වී බහිජා (MV Bahijah) නෞකාව පසුගිය ජනවාරි 5 වනදා මැද පෙරදිග බලා පිටත් වුව ද සති දෙකකට පමණ පසු රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නැව්වලට එල්ල වූ ප්‍රහාර වැඩි වීම හේතුවෙන් ආපසු හැරවීමට නියෝග කෙරුණා.

පසුව එහි සිටි සතුන් පෙබරවාරි 14 වනදා වන විට නෞකාවෙන් පිටතට ගෙන ගොස් ඇති අතර එතැන් සිට ජෛව ආරක්ෂණ ගැටළු මධ්‍යයේ නිරෝධායනයට ලක් කෙරෙමින් සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »