
ලිපි භාවිතය අඩු වීම සහ බෙදා හැරීමට තරම් ප්‍රමාණවත් ලිපි තොග නොමැති වීම හමුවේ ඔස්ට්‍රේලියානු තැපැල් සේවය එහි ක්‍රියාකාරකම් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
තැපැල් සේවයේ අඛණ්ඩ පාඩු හේතුවෙන් වෙනස්කම් සිදු නොකළහොත්, වසර අවසානයේ දැවැන්ත පාඩු සිදු විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඒ අනුව ෆෙඩරල් රජයට සමගාමීව, Australia Post විසින් තැපැල් සේවයේ තිරසාරව බව සහතික කිරීම සඳහා වෙනස්කම් සහ කාර්යක්ෂමතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා මධ්‍යයේ තම ලිපි ව්‍යාපාරයේ පාඩු අඛණ්ඩව පවතින බැවින් සාමාන්‍ය ලිපි බෙදා හැරීම අඩු කිරීමේ අවශ්‍යතාවය ඔස්ට්‍රේලියානු පෝස්ට් විසින් පෙන්වා දී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 31න් අවසන් වූ මාස හයක කාලය තුළ අදායම වැඩි වී තිබුණ ද තැපැල් බෙදා හැරීමේ සේවාව තවදුරටත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත් ව්‍යාපාරයේ දිගුකාලීන මූල්‍ය තිරසාරභාවයට තර්ජනයක් වනු ඇති බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

ලිපි පරිමාව සියයට 11.9 කින් පහත වැටීම හමුවේ තැපැල් ව්‍යාපාරය ඩොලර් මිලියන 182.1ක පාඩුවක් ද වාර්තා කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට මේ වන විට සාමාන්‍යයෙන් සතියකට ලැබෙන්නේ ලිපි දෙකක් පමණක් බව Australia Post පවසන අතර එය ව්‍යාපාරයේ අඛණ්ඩ පරිහානියට හේතුවක් ලෙසටයි සැලකෙන්නේ.
කවුන්ටරයෙන් ලැබෙන ගනුදෙනුවලින් ඩිජිටල් ගනුදෙනුවලට මාරුවීම, මෙන්ම පා ගමනින් යාම අඩුවීමත් සමඟ සමාගමේ තැපැල් කාර්යාල ජාලයේ ලාභදායීතාවයට දිගින් දිගටම බලපෑම් වී එල්ලවී ඇතැයි සඳහන්.