ග්‍රීස්ම ඍතුවේ සිදු වූ හද කම්පා කරවන සිදුවීම් 100කට ආසන්න ගණනක් ගැන තොරතුරු

මෙවර ග්‍රීස්ම ඍතුව තුළ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වෙරළ තීරවල දී මිය ගිය බවයි සර්ෆ් ලිවින්ග් සේවින්ග් ඔස්ට්‍රේලියා (Surf Living Saving Australia) වාර්තා කර ඇත්තේ.

පසුගිය දෙසැම්බර් මස පළමුවනදා සිට මෙම වසරේ පෙබරවාරි 29 දක්වා කාලය තුළ මෙම දියේ ගිලී සිදු වූ මරණ පිළිබඳ වාර්තා වී තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව මෙවර ග්‍රීස්ම මාසවල රට පුරා පුද්ගලයින් 99 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර ඉන් 55 දෙනෙකු මරණයට පත්වී ඇත්තේ වෙරළ තීරවලදී යි.

ස්වේච්ඡා ජීවිතාරක්ෂකයින් විසින් දියේ ගිලුණු පුද්ගලයන් බේරා ගැනීම් 5700කට වැඩි ප්‍රමාණයක්, ප්‍රථමාධාර 25,000ක් සහ දියේ ගිලීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග මිලියන 1.3ක් ගෙන ඇති බව සඳහන්.

ගිම්හානයේදී සිදුවන මරණවලින් සියයට 29කට ප්‍රධානතම හේතුව ලෙස දියේ ගිලීම පෙන්වා දී ඇති අතර මියගිය අයගෙන් සියයට 84ක් පිරිමින් වනවා.

එමෙන්ම පෙර වසරවලට සාපේක්ෂව මෙවර ග්‍රීස්ම ඍතුවේ දියේ ගිලීම් සියයට 9 කින් ඉහළ ගොස් තිබෙනවා.

සර්ෆ් ලයිෆ් සේවිං ඔස්ට්‍රේලියාහි ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් වීර් පැවසුවේ එම මරණ බොහොමයක් තම කණ්ඩායම් මුර සංචාරය නොකළ වෙරළ තීරවල සිදුවූ බවයි.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »