Search

හරිහැටි නිදාගන්නේ වත් නැති පිරිස ගැන කවුරුත් නොදන්න කතාවක්

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට ප්‍රමාණවත් නින්දක් නොමැති බව හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ මෙරට ජනගහනයෙන් සියයට 40ක් දක්වා ප්‍රමාණවත් නින්දක් නොලබන බවයි.

ඒ අනුව සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට හොඳ නින්දක් ලෙස නිර්දේශිත පැය හතේ සිට නවය දක්වා කාලය නින්ද නොලබන ඔස්ට්‍රේලියානුවන් ගණන ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ

එම පිරිස අතුරින් සියයට 20ක් ඉතාමත් අයහපත් නිදන රටාවකට හුරුව ඇති බව සඳහන්.

අයහපත් නින්ද නිසා ඇතිවන කම්පන සහගත කෙටි සහ දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

අධි රුධිර පීඩනයේ සිට හෘද වාහිනී රෝග, ආඝාතය, දියවැඩියාව, මානසික අවපීඩනය, නිදන්ගත රෝග සහ ආයු අපේක්ෂාව අඩු වීමේ අවදානම දක්වා නින්දෙහි බලපෑම විහිදෙනු ඇති.

වෛද්‍ය මොස්ලි විසින් නිදි පෙති අධික ලෙස භාවිතා කිරීමේ බලපෑම පිළිබඳව සොයා බලන අතර වයඹදිග ක්වීන්ස්ලන්තයේ මවුන්ට් ඊසා හි ස්වදේශික තරුණයන් අතර නින්ද සහ මානසික සෞඛ්‍ය අර්බුදය ගවේෂණය කෙරෙනවා.

හොඳ සෞඛ්‍යයක් සඳහා හොඳ ගුණාත්මක නින්දක් අත්‍යවශ්‍ය බවයි නිරීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »