Search

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සොයන අයට වැදගත් වෙන කරුණක්

ඔස්ට්‍රේලියාවේ තමන් නිරතව සිටි රැකියාව වෙනස් කිරීමට උත්සහ කළ පුද්ගලයින්ගේ වැටුප එම රැකියාවේම රැඳී සිටි පුද්ගලයින්ට වඩා සියයට 1.6කින් වැඩි බව හඳුනාගෙන තිබෙනවා.

සීක් (SEEK) වෙබ් අඩවිය විසින් සිදු කළ සමීක්ෂණ දත්ත අනුව 2023 වසරේ මෙලෙස රැකියාව වෙනස් කළ පුද්ගලයින්ගේ වැටුපේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සදහන්.

රැකියාව සහ වැටුප් සම්බන්ධ කරුණු සැලකීමේදී හැකියාවන්ට සරිලන ඵලදායී ක්ෂේත්‍රයක් තෝරා ගැනීම වඩාත් වැදගත් වනු ඇති.

මෑතකදී නිකුත් වූ දත්ත අනුව ඔස්ට්‍රෙලියාවේ පූර්ණ කාලීන සේවක වැටුප් සාමන්‍යයෙන් වසරකට වසරකට ඩොලර් 98217ක් වන අතර සතියක වැටුප සාමන්‍යයෙන් සටහන් වී ඇත්තේ ඩොලර් 1888ක් ලෙසින්.

SEEK ආයතන දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන අංශ අතර ප්‍රජා සේවා සහ සංවර්ධන සේවා අංශ නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉහල වැටුප් ලැබෙන රැකියා 20න් 6ක්ම එම අංශ නියෝජනය වීම විශේෂත්වයක්.

සිල්ලර හා පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන අංශය, ප්‍රවාහන සහ සැපයුම් අංශ මෙන්ම සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රය, ඉහල වැටුප් වර්ධක ලබන මුල් ක්ෂේත්‍ර 20 අතරට ඇතුලත්.

මේ අතර ඉහළම වැටුප් වර්ධක ලැබූ රැකියා 5 ලෙස ෆිටර් කාර්මික, බලපත්‍රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරු, නේවාසික පුද්ගලික භාරකරු, මාර්ග සහ දුම්රිය ක්‍රියාකරු යන රැකියා හඳුනාගෙන තිබෙනවා.

යම් රැකියාවක වැටුප් වැඩිවීමේදී එම රැකියාවේ සේවකයන්ට පවතින ඉල්ලුම, නව හැකියාවන් සහ පළපුරුද්ද මූලික වශයෙන් බපාන බවද එම වාර්තා පෙන්වා දෙනවා.

AI තාක්ෂණය, තොරතුරු හා දත්ත පිළිබඳ දැනුම සහ Cyber ආරක්ෂාව වැනි නව හැකියාවන් සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර මේ නිසා නව හැකියාවන් එකතු කිරීමෙන් ඉතා පහසුවෙන් වැඩි වැටුප් ලබා ගැනීමට හැකිවන බවද සඳහන්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »