සෞඛ්‍ය රක්ෂණයක් තියෙන අයට සිදුවෙලා තියෙන දේ

සෞඛ්‍ය රක්‍ෂණ වියදම් උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණ ආයතන දත්ත මගින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය රක්‍ෂණ වියදම් උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණ ආයතන දත්ත මගින් හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් කරන ලද නව පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් ගෘහස්ථ බිල්පත්වලට සාපේක්ෂව සෞඛ්‍ය රක්‍ෂණය හේතුවෙන් ද පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

නව විශ්ලේෂණයට අනුව 2000 වසරේ සිට සෞඛ්‍ය රක්ෂණයේ පිරිවැය සියයට 204කින් වැඩි වී ඇති අතර එම කාලය තුළ උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව සඳහන්.

ෆයින්ඩර් හි සෞඛ්‍ය රක්‍ෂණ විශේෂඥ ටිම් බෙනට් පැවසුවේ බොහෝ අය ඉහළ යන පිරිවැය සමඟ සෞඛ්‍ය රක්ෂණ ගෙවීම් සඳහා අරගල කරන බවයි.

සෞඛ්‍ය රක්‍ෂණ වාරික උද්ධමනය පවත්වා ගැනීමට සෑම වසරකම වැඩි වන නමුත්, වයස්ගත ජනගහනයන්ගේ නිදන්ගත රෝග ඉහළ යාම වැනි හේතු සාධක මෙලෙස සෞඛ්‍ය රක්ෂණ ඉහලයෑම කෙරෙහි බලපා තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම රක්ෂණ කපා හැරීමට පියවර ගන්නා බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සෞඛ්‍ය ආවරණය අවලංගු කිරීම අවදානම් පියවරක් වන අතර අනාගත සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇතිවන බව ෆයින්ඩර් විශේෂඥයින් පෙන්වා දෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »