
ඕට්ස් සහ තිරිඟු ධාන්‍ය වලින් නිෂ්පාදිත නූඩ්ල්ස් වර්ගයක් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත බෙදා හැරීමට සමාගමක් පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඕට්ස් සහ තිරිඟු ධාන්‍ය වලින් නිෂ්පාදිත නූඩ්ල්ස් වර්ගයක් ජාත්‍යන්තර වෙළඳපෙල වෙත බෙදා හැරීමට සමාගමක් පියවර ගෙන තිබෙනවා.
ආසියාතික කලාපයේ, බත් ප්‍රධාන ආහාරයක් වන අතර ඉදිරියේ දී ඕට්ස් සහ තිරිඟුවලින් වලින් නිපද වූ නූඩ්ල්ස් මෙන්ම සහල් ආසියාතික ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වනු ඇති බවටයි සමාගම විශ්වාසය පළ කරන්නේ.

සාම්ප්‍රධායික ආසියානු ආහාර රටා පිළිබඳ අධ්‍යයනය සිදු කරමින් මෙම නව ආහාරය නිපදවීමට ඔස්ට්‍රේලියන් එක්ස්පෝර්ට් ග්‍රේන්ස් ඉනොවේෂන් සෙන්ටර් (Australian Export Grains Innovation Center) පියවර ගෙන තිබෙනවා.
ඕට්ස් සහ තිරිඟු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා විකල්පයක් වන අතර මේ හේතුවෙන් ඕට්ස්වලින් සාදන ලද සහල් සහ නූඩ්ල්ස් සංවර්ධනය කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු ආහාර නිශ්පාදකයින්ගේ අවධානය යොමු වුණා.

මෙම සහල් සාමාන්‍යයෙන් දකුණු ආසියාතික ජනතාව අනුභව කර සහල්වලට සාපේක්ෂව ඝනකමින් අඩුවන අතර පිසීමට වඩා පහසු මෙන්ම ආහාරයට ගැනීමට සහ ජීර්ණය කිරීමට වඩා පහසු වන බව සඳහන්.
බටහිර ඔස්ට්‍රේලියාව රටේ විශාලතම ඕට්ස් නිෂ්පාදනය කරන ප්‍රාන්තය වන අතර මෙය ගොවීන්ට ද කදිම අවස්ථාවක් බවයි පැවසෙන්නේ.
ඕට්ස් ආහාර වෙත වර්ථමානයේ වෙළදපොලක් නිර්මාණය වී තිබුණ ද ප්‍රධාන ආහාර වේලක් දක්වා පැමිණ නොමැති අතර ඉදිරියේදි විශේෂයෙන් ආසියාතික රටවල්හි ප්‍රධාන ආහාර වේල් සඳහා එක්වනු ඇතැයි පුරෝකථනය කෙරෙනවා.
නූඩ්ල්ස් සහ සහල් එකම රසයකින් යුක්ත නොවන අතර අනුභවය සදහා ප්‍රනීත රසයන්ගෙන් යුතු වර්ග වෙළදපොළට එක් කිරීමට නියමිතයි.