
සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව සිදු කෙරෙන මිලකරණ ගැටලු ඇතුලු ඒ ආශ්‍රිතව පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා පිළිබඳ දැනුවත් කිරීම සදහා නව වෙබ් අඩවියක් පිහිටුවීමට ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පියවර ගෙන තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කොමිසම හා එක්ව මෙම නව බෙව් අඩවිය ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව සුපිරි වෙළඳසැල්වල මිල පිළිබඳ පැමිණිලි කළ හැකි පරිදි ඒසීසීසී ඩොට් ජීඕවී ඩොට් ඒයූ (accc.gov.au) යන වෙබ් අඩවිය ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් වෙත විවෘත කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය ඔස්ට්‍රේලියාවේ ඉහළ යන සුපිරි වෙළඳසැල් මිල ගණන් පිළිබඳ රජයේ විමර්ශනයට ද යටත් වනු ඇති.
පාරිභෝගිකයින් සුපිරි වෙළඳ සැල හා සම්බන්ධ වන ආකාරය අනුව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වන අතර පාරිභෝගිකයින්ට පමණක් නොව සැපයුම් කරුවන්ටද මිලකරණ ගැටලු පිලිබද පැමිණිළි යොමු කළ හැකියි.

වර්තමානයේ ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් ආශ්‍රිත මිලකරණ ගැටලු පිළිබඳ නොයෙක් චෝදනා මතුව ඇති අතර අසීමිත ලෙස මිල ගණන් ඉහල දමා ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.
තවද වට්ටම් ලබා දෙන මුවාවෙන් පාරිභෝගිකයින් නොමග යවා ඇති අතර මෙතැන් පටන් පාරිභෝගිකයින්ට සුපිරි වෙළඳසැල්හි තමන්ට ඇතිවු අපහසුතා පිළිබඳව සෘජුව දැනුවත් කිරීමේ අවස්ථාව හිමි වනවා.