දුම්රිය මාර්ග පුළුල් කිරීමේ අරමුණින් සිඩ්නිහි වයඹදිග කොටසේ මෙට්‍රෝ සේවා තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව සිඩ්නි මෙට්‍රෝ මගීන් මාර්තු සහ අප්‍රේල් සති අන්තයන්හි තම ගමනා ගමනය සඳහා බස් රථ භාවිත කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.
මාර්තු 2, මාර්තු 9, මාර්තු 16, මාර්තු 23, අප්‍රේල් 6 සහ අප්‍රේල් 13 වැනි සති අන්තයන්හි මෙටෝ සේවා මෙලෙස අවලංගු වනු ඇති.
මෙම වසරේ චැට්ස්වුඩ්වලින් ඔබ්බට, CBD හරහා සහ සිඩන්හැම් දක්වා මෙට්‍රෝ සේවා පුලුල් කිරීමේ අරමුණින් මෙලෙස දුම්රිය සේවා නවතා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙට්‍රෝ සේවා වෙනුවට බස්රථ පැමිණෙන වේලාවන්වල යම් සංශෝධනයක් සිදුවන බව ද සඳහන්.
සෑම සති අන්තයකම සෙනසුරාදා දිනවල අලුයම 2 සිට සඳුදා අලුයම 2 දක්වා බස් රථ ක්‍රියාත්මක වනු ඇති.
දැනට පවතින සිඩ්නිහි වයඹ මාර්ගය සහ නව ඉදිකිරීම් කොටස අතර බාධාවකින් තොරව මෙට්‍රෝ සේවා සිදු කළ හැකි ද යන්න තහවුරු කිරීම සදහා මෙම කාලසීමාව තුළ සිදු කිරීමට නියමිතයි.