Search

විදෙස් ගමනකට සිඩ්නි ගුවන්තොටුපළට එනවා නම් මේ ගැන දැනුවත් වෙලා එන්න

සිඩ්නි ගුවන් තොටුපළ රාත්‍රී 11 සිට අලුයම 2.30 දක්වා පර්යන්ත වසා දැමීම පිළිබඳ මගීන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා.

පර්යන්ත වසා දැමීම හමුවේ ගුවන් යානා අපේක්ෂාවෙන් පැමිණෙන මගීන්ට පහසුකම් නොමැතිව පැය ගණනක් බලා සිටීමට සිදුවී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ගුවන් තොටුපළ ක්‍රියාත්මක වන ආකාරයෙන් සිඩ්නි නුවර ද පැය 24ම ක්‍රියාත්මක ගුවන් තොටුපළක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

සිඩ්නි ගුවන් තොටුපළ බොහෝ ජාත්‍යන්තර සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පිවිසෙන දොරටුවක් වුව ද සෑම රාත්‍රියකම පැය කිහිපයක් එය වසා තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ පර්ත් ගුවන් තොටුපල මෙන් නොව සිඩ්නි ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර පර්යන්තය රාත්‍රී 11 සිට අලුයම 2.30 දක්වා වසා දම න අතර ගෘහස්ථ පර්යන්තය අලුයම 4 දක්වා වසා දැමෙනවා.

ගුවන් ගමන් අතපසු වූ හෝ උදෑසන ගුවන් ගමන් සඳහා කලින් පැමිණෙන මගීන් ඉවත් කිරීම හමුවේ මාර්ගයේ රැඳී සිටීමට සිදු වීම පිළිබඳ ඔවුන් පැමිණිලි කර තිබෙනවා.

ඇතැම් ගුවන් මගීන් පෙන්වා දෙන්නේ තමන් ලොව පුරා සංචාරය කරන අතර සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපලවල්වල පර්යන්ත පැය 24 පුරාම පියාසර කිරීමට අවසර නැතත් පැය 24 පුරාම මගීන්ට විවෘත බවයි.

ඔස්ට්‍රේලියාවට එන බොහෝ පිරිසකගේ ප්‍රධාන පිවිසුම් ස්ථානය මෙලෙස මිනිසුන් මහ මගට පන්නා දැමීම විහිළුවක් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ගුවන් සේවා ව්‍යාපෘති කළමනාකාර අධ්‍යක්ෂ කීත් ටොන්කින් පැවසුවේ සිඩ්නි ගුවන් තොටුපළ පැය කිහිපයක් වසා දැමීම ගැන පුදුම නොවන අතර සාපේක්ෂව සුළු පිරිසකට පර්යන්ත පහසුකම් විවෘත කිරීමට වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවන බවයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »