Search

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට දුක හිතෙන කතාවක්

ඉහළ පොලී අනුපාත, උද්ධමනය සහ ජීවන වියදම නොතකා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා අනුව පසුගිය පෙබරවාරි මාසයේ දී අගනුවර ආශ්‍රිත නිවාස වටිනාකම සියයට 0.6කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම වසර අවසාන භාගයේ පොලී අනුපාතයෙහි යම් වෙනසක් අපේක්ෂා කරන අතර නිවාස මිල අගය ඉදිරියේදී සංශෝධනය වනු ඇති බවයි.

කෝලොජික් (CoreLogic) හි නවතම දත්තවලට අනුව පසුගිය වසර අවසානයේ නිවාස මිල ඉහළ යෑම මන්දගාමී මට්ටමක පැවතිය දපසුගිය පෙබරවාරි මස යළිත් මිල ගණන් සාපේක්ෂ ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙහිදී පසුගිය පෙබරවාරි මස සිඩ්නි හි නිවාස මිල අගය සියයට 0.5කින් ද, මෙල්බන්හි සියයට 0.1කින් ද බ්‍රිස්බේන් සියයට 0.9කින් ද ඩාවින් සියයට 0.1 කින්ද ඉහළ ගොස් තිබුණා.

මීට අමතරව කැන්බරා හි නිවාස මිල ගණන් සියයට 0.7කින් ද ඇඩිලේඩ් සියයට 1.1කින් ද වැඩි වූ අතර වැඩිම නිවාස මිල අගයක් පෙන්නුම් කළේ පර්ත් අගනුවරින්. එම අගය සටහන්ව ඇත්තේ සියයට 1.6ක් ලෙසයි

නිවාස මිල අගය පහළ මට්ටමක පැවති එකම නගරය හෝබාට් වන අතර එම අගය සියයට 0.3කින් පහළ වැටී තිබුණා.

ලබන මාර්තු 18 සහ 19 යන දෙදින ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් යළිත් රැස්වීමට නියමිත අතර එහිදී ලබා ගන්නා තීන්දු මත නිවාස මිල ගණන් සම්බන්ධයෙන් සාධනීය තත්වයක් ගෙන දෙනු ඇතැයි විචාරකයින් විශ්වාසය පල කරනවා.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »