
ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති ආයතන සමඟ පවතින ගණුදෙනු අවසන් කරන බව මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසනවා.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති සඳහා මෙටා සමාගම විසින් දිගින් දිගටම ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙරට ප්‍රවෘත්ති සමාගම් සඳහන් කර ඇත්තේ එය පුවත් කලාවේ වටිනාකම නොසලකා හැරීමක් බවයි.
දැනට ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති ආයතන සමඟ ඇති ගිවිසුම් යාවත්කාලීන නොකර එම ගිවිසුම් අවසන් කරන බව මෙටා සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වසර තුනකට පෙර, ෆේස්බුක් සමාගම ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන සමඟ ප්‍රවෘත්ති ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙවිය යුතු ආකාරය පිළිබඳ ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.
ගනුදෙනු ඉදිරි මාස කිහිපය තුළ අවසන් වීමට නියමිතව තිබූ අතර ABC සහ Nine ඇතුළු ඕස්ට්‍රේලියානු මාධ්‍ය සමාගම්වලට එමගින් හිමි වූයේ ඩොලර් මිලියන ගණනක අමතර ආදායමක්.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම කියා සිටියේ තම පරිශීලකයින් ප්‍රවෘත්ති සහ දේශපාලන අන්තර්ගතයන් සෙවීම සඳහා නොපැමිණෙන අතර තම මුදල් වෙනත් තැනක ආයෝජනය කරන බවයි.
මෙටා සමාගම විසින් මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන රැසක් සමඟ ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති බව සදහන්.
ඔස්ට්‍රේලියානු සහකාර භාණ්ඩාගාරික ස්ටීවන් ජෝන්ස් සහ සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙටා සමාගම ගත් මෙම තීරණය විවේචනය කර තිබෙනවා.
ප්‍රවෘත්ති අන්තර්ගතය සඳහා තවදුරටත් නොගෙවීමට මෙටා සමාගම ගත් තීරණය ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති මාධ්‍යවල තිරසාරභාවය සහ එහි කැපවීම නොසලකා හැරීමක් ලෙස සඳහන්.
මෙලෙස ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති මාධ්‍ය ව්‍යාපාර සඳහා සැලකිය යුතු ආදායම් මූලාශ්‍රයක් ඉවත් කිරීම හේතුවෙන් එම සමාගම්වලට සාධාරණ වන්දියක් ලැබිය යුතු බවටයි එම සමාගම් පෙන්වා දෙන්නේ.