ගාසා තීරයේ මරණ 30000 ඉක්මවා යද්දී තවත් ඛේදවචාකයක්

බටහිර ගාසා තීරයේ ආහාර බෙදා දෙන ට්‍රක් රථයක් වටා ජනතාව එකරාශී වූ අවස්ථාවේ සිදු වූ තෙරපිමකින් පුද්ගලයන් 112 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 760කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ගාසා තීරයේ ගැටුම් ආරම්භ වූ දිනයේ සිට එක් මොහොතක
සිදු වූ විශාලතම මරණ සංඛ්‍යාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ආහාර ලබා ගැනීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට ඊශ්‍රායල හමුදා කරන ලද වෙඩි තැබීම අසාධාරණ බව ප්‍රංශය ප්‍රකාශ කළ අතර, තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත් වූවන්ගේ උත්සාහය මෙම සිදුවීම මගින් සංකීර්ණ වනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කළා.

මේ අතර පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ගැටුම් ආරම්භ වූ දිනයේ සිට ගාසා තීරයේ මියගිය ගණන 30,000 ඉක්මවා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් වන අතර මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මරණයට පත්වු එම කුඩා දරුවන් 6 දෙනා ගාසා තිරයේ කමල් අද්වාන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන්ධන නොමැති විම හේතුවෙන් රෝහල සම්පුර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත් වීමත් සමඟ මෙම දරුවන් ජිවිතක්ෂයට පත්වුණා.

එම රෝහලේ ප්‍රතිකාර ලබන තවත් දරුවන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයට අවශ්‍ය මානුෂිය ආධාර සපයා ගැනීමට නොහැකි වීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වූ ගොඩනැගිලි සුන්බුන්වලට යටවී තවමත් දහස් ගණන් මිනිසුන් සොයා ගැනීමට නොහැකිව සිටින නිසා මියගිය සැබෑ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »