පිය පදවියට නිගා කළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයෙකුට අධිකරණයෙන් ලැබුණු නියෝගය

වසර 11ක් පුරා තම දියණිය වසර දූෂණය කළ පුද්ගලයෙකුට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තුවූම්බා (Toowoomba) අධිකරණයේදී වසර 12ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

51 හැවිරිදි සැකකරු තම එක් දියණියක් වයස අවුරුදු 4 සිට 15 දක්වා කාලය තුළ දහස් වතාවක් දූෂණය කළ බවටයි පිළිගෙන ඇත්තේ.

මේ වන විට 18 හැවිරිදි වියෙහි පසුවන දැරිය අධිකරණය හමුවේ සඳහන් කළේ තමා මෙම සිදුවීම පිළිබඳ නිසි දැනුවත් වීමෙන් පසු කෝපයට පත් වුව ද තම ජීවිතයේ ඉදිරියට මෙය බාධාවක් කර නොගන්නා බවයි.

තම පියා පවුල යන වචනයේ සංකල්පය විනාශ කර ඇති අතර එය තම ජීවිතයේ සෑම සම්බන්ධතාවයකටම බලපෑම් කළ බව ද වින්දිත දැරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙය පිළිකුල් සහගත, ඇදහිය නොහැකි හැසිරීමක් මෙන්ම පියෙකු මෙවැනි දෙයක් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව අවධාරණය කරමිනුයි විනිසුරුවරයා මෙම වසර 12ක සිර දඬුවම නියම කර ඇත්තේ.

සැකකරු තම දියණියන් දෙදෙනාම ලිංගික අපයෝජනයට ලක් කළ බවට පාපොච්චාරණය කළ ද බාල දියණිය ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැහැ.

සිරගතව සිටින මෙම පුද්ගලයා මානසික අවපීඩනය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, වරක් සියදිවි නසාගැනීමේ උත්සාහයකින් පසු බන්ධනාගාරයේ සිට රෝහලට ද ගෙන ගොස් තිබූ බව ද සඳහන්.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »