මෙල්බන් නුවරදී වැරදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය සමාව ඉල්ලයි

මෙල්බර්න් නුවරදී සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් වැරදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය සමාව අයැද තිබෙනවා.

පොලිසිය විසින් පසුගිය අඟහරුවාදා 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර මෙල්බර්න්හිදී සිදු වූ බව කියන ලිංගික අපචාර ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ බවයි වාර්තා වන්නේ.

නමුත් එම පුද්ගලයා රඳවා තබා ගැනීමෙන් දිනකට පසුව පොලිසිය සමාව අයදිමින් කියා සිටියේ සිද්ධියට අදාළ පුද්ගලයා සිටින බවයි.

පොලිසිය වැරදීමකින් අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය වසරේ මහාධිකරණ තීන්දුවකින් පසු සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් වූ සරණාගතයින් 149 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිටි අයෙක්.

එම කණ්ඩායමේ බොහෝ පිරිසකට මිනීමැරුම් සහ ලිංගික අතවර ඇතුළු බරපතල වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලැබී තිබෙනවා.

වික්ටෝරියා පොලිසියේ කමාන්ඩර් මාර්ක් ගැලියට් තහවුරු කළේ පොලිසිය මෙම පුද්ගලයාට එරෙහිව එල්ල කර ඇති ලිංගික අතවර චෝදනා ඉවත් කරන බවයි.

එම පුද්ගලයා නිර්දෝෂී බව ඔප්පු කළ තවත් CCTV දර්ශනයක් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගත් බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු වැරදිකරු නොවන බව පැහැදිලි වන අතර මෙම පුද්ගලයා රඳවා තබා ගැනීම පිළිබඳ කණගාටු වන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

පොලිසිය මෙම වරද පිළිගැනීමට පෙර ෆෙඩරල් විපක්ෂය චෝදනා කළේ සමාජයට මුදා හරිනු ලැබූ සංක්‍රමණිකයන් 149 දෙනා අතර තවත් මෙවැනි පුද්ගලයන් සිටිය හැකි බවටයි.

කුලී නිවාස ගන්න යනවා නම් මේ වංචාවට හසුවෙන්න එපා

කුලී නිවාස සපයා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »