Search

මිලියන 2.2කට එකක් පමණක් සිදුවන දරු උපතක් ඔස්ට්‍රේලියාවේ

අධික අවුරුද්දකට පමණක් යෙදෙන පෙබරවාරි 29 වනදා උපත ලැබූ දරුවෙකු සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරින් වාර්තා වනවා.

මෙම බිළිඳාගේ විශේෂත්වය වන්නේ එම දරුවාගේ පියා ද උපත ලබා ඇත්තේ පෙබරවාරි 29 වනදා දිනයක වීමයි.

මෙම දුර්ලභ දිනයේ පෙරවරු 9.04ට බිළිඳා උපත ලබා ඇත්තේ සාමාන්‍ය උපතට නියමිතව තිබූ දිනට සති තුනකට පෙරයි.

ජීවිතය අනපේක්ෂිත වන අතර පැමිණෙන සෑම දෙයක් ගැනම සතුටු වන බව කුළුඳුල් දරු උපත පිළිබඳ සතුට පළ කරමින් බිළිඳාගේ පියා සඳහන් කළා.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ බිළිඳා සහ පියා යන දෙදෙනාම පෙබරවාරි 29 වනදා උපත ලැබීමේ සම්භාවිතාව උපත් මිලියන 2.2කට එකක් වන බවයි.

බිළිඳා ගේ මව් පිය යුවළ මීට වසර අටකට පෙර ඇඩිලේඩ්හිදී මුණගැසුණු අතර පසුව ඔවුන් දෙදෙනා වියට්නාමයෙන් පදිංචියට ගොස් තිබුණා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »