
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 79ක් මුදල් ලබා ගැනීම සඳහා රිවොර්ඩ්ස් පොයින්ට්ස් (rewords point) ලබා ගන්නා බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
සමීක්ෂණය සදහා ඔස්ට්‍රේලියානුවන් 1039 දෙනෙකු යොදවා ගත් අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 904ක් කියා සිටියේ rewords point මගින් මුදල් ලබා ගැනීමට පෙළඹී ඇති බවයි.
තවත් සියයට 37ක් rewords point මුදල් ඉතිරියක් ලෙස තබා ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

සාප්පු සවාරි යන මිලියන 6.5ක් වන rewords point හිමියන් ඒවා මුදල් ලෙස ගැනීමට පෙළඹී ඇතැයි සඳහන්.
ෆයින්ඩර් හි පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පැවසුවේ rewords point ප්‍රතිලාභ ඇතැම් පාරිභෝගිකයින්ට විශාල දිරිගැන්වීමක් බවයි.

ෆයින්ඩර් පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ reword හිමියන්ගෙන් සියයට 5ක් හෝටල් නවාතැන් හෝ ටැක්සි කුලි රථ සඳහා එම මුදල් යොදවන බවයි.
තවද rewords point හිමියන්ගෙන් සියයට 21ක් තම point කිසිම විටෙක ප්‍රයෝජනයට නොගන්නා බව ද අධ්‍යයනයේ දි හෙළිව තිබෙනවා.