Search

තුන්වන අදියරේ බදු කප්පාදුව සම්මත වෙයි

තුන්වන අදියරේ බදු කප්පාදුව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා.

මේ පිළිබද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කියා සිටියේ මෙය බදු ගෙවන මිලියන 13.6ක ඔස්ට්‍රේලියානුවන් ලද විශිෂ්ඨ ජයක් බවයි.

පසුගිය රජයට සාපෙක්ෂව ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසකට මෙමගින් සනහ අත්වන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සියයට 84ක ජනතාවට නව ලිබරල් ප්‍රතිපත්ති යටතේ සහන ලැබෙන බව ද සඳහන්.

පළමු අදියර දෙකේ දී අඩු බදු ගෙවන්නන්ගේ කාණ්ඩය කෙරෙහි අවධානය යොමුව ඇති අතර තුන්වන අදියරේ දී බදු ඛාණ්ඩයක් නොසලකා ඩොලර් 45000ත් ඩොලර් ලක්ෂ 2ත් අතර ආදායම් උපයන්නන්ගෙන් සියයට 30 අනුපාතයකින් බදු අයකිරීම සිදු කෙරුණා.

නව බදු කප්පාදුව සියලු ඛාණ්ඩයන්ට අයත් වන අතර සියයට 32.5ක්ව තිබු අගය සියයට 30ක් දක්වා අඩු කිරීම විශේෂත්වයක්.

ඩොලර් 150000කට අඩුවෙන් උපයන ඔස්ට්‍රේලියානුවන්ට විශාල බදු කප්පාදුවකට මුහුණ දීමට සිදුවන අතර ඉහළ අදායම් ලබන අයට අඩු කප්පාදුවක් සිදු වන බවද සඳහන්.

අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ මෙය තම රජය ගත් නිවැරදි තීරණයක් වන අතර රටේ ආර්ථික මට්ටම අනුව වාඩාත් සාධනීය වන බවයි.

ජීවන වියදම හමුවේ පිඩා විඳින ඔස්ට්‍රේලියානුවන්ට තුන්වන අදියරේ බදු කප්පාදුව වඩාත් ප්‍රයෝජනවත් වන බව ද සඳහන් කර තිබුණා.