Search

වැරදි වැඩක් කළ NSW ප්‍රාන්ත අඹුසැමි යුවළකට අමතක නොවන දඬුවමක්

ළමා අපචාරයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඹු සැමි යුවළකට සිර දඬුවම් නියම කර තිබෙනවා.

ජූලියා සහ පෝල් බැම්ෆෝර්ත් නම් මෙම යුවළ ශාරීරික දුර්වලතාවක් සහිත පිරිමි ළමයෙකු ඔවුන්ගේ නිවසේ දී අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙනුයි මෙලෙස වසර 30ක සිරදඬුවම් නියම වී ඇත්තේ.

සැකකාර යුවළ වසර පහකට වැඩි කාලයක් අදාළ පිරිමි ළමයා අපයෝජනය කර ඇති අතර එම සිදුවීම් රූගත කර ඇති බවට ද චෝදනා එල්ල වනවා.

අවුරුදු 51 සහ 50 වයස්වල පසුවන මෙම යුවළ ළමයාට බරපතල ලිංගික අතවර කිරීම ඇතුලු චෝදනා 70කට අධික සංඛ්‍යාවකට වරද පිළිගෙන තිබුණා.

වසර 5ක පමණ කාලය තුළ ජූලියා බැම්ෆෝර්ත් පිරිමි ළමයා අපයෝජනය කර ඇති අතර එය පෝල් බැම්ෆෝර්ත් විසින් අවස්ථා ගණනාවකදී රූගත කර ඇති බව අධිකරණයේදී හෙළිවී තිබෙනවා.

ඔවුන් විසින් අපයෝජනයට ලක්වූ ළමයා ලිංගික කටයුතු සඳහා පොළඹවා ගැනීම වෙනුවෙන් අයිස් සහ ගංජා වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ද පිරිමි ලබා දී ඇති බව සඳහන්.

ගොස්ෆෝර්ඩ් දිස්ත්‍රික් උසාවියේ දී සිය දඬුවම් ප්‍රකාශය කරමින් විනිසුරු ඩේවිඩ් විල්සන් කියා සිටියේ මෙම යුවළ සිදු කර ඇති වරද අතිශය දරුණු වන අතර එක් එක් චෝදනාව සඳහා නියම කර ඇති සියලුම සිර දඬුවම් එකතු කළහොත් වසර 200 ඉක්ම වනු ඇති බවයි.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »