Search

සූර්ය බලශක්තියෙන් මුදල් උපයා ගත් වික්ටෝරියා ජනතාවට දැන් සිදුවෙලා තියෙන දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ සූර්ය බලශක්ති පෝෂක ගාස්තු පහත වැටීම ප්‍රධාන දිරිගැන්වීමක වටිනාකම කප්පාදු කිරීමක් බවට
චෝදනා එල්ල වනවා.

පෝෂණ ගාස්තුවක් යනු තම අතිරික්ත සූර්ය බලශක්තිය ප්‍රධාන ජාලයට ලබාදීම වෙනුවෙන් අදාළ සුර්ය පැනල හිමි නිවාස හිමියෙකුට කරනු ලබන ගෙවීමක්.

වසර 15 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ නිවාසවල වහලයන් මත සූර්ය බලශක්ති කර්මාන්තයක් ආරම්භ කිරීමේ ප්‍රයත්නයකදී ප්‍රාන්ත රජයන් විසින් මෙම මුදල් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබුණා.

ප්‍රධාන පද්ධතියට ලබා දෙන සෑම විදුලි ඒකකයක් සඳහාම ප්‍රාන්ත විසින් ශත 40ක පමණ ගාස්තුවක් ලබා දෙමින් සිටි අතර නිව් සවුත් වේල්ස්හි, අතිරික්ත සූර්ය නිෂ්පාදනය සඳහා කිලෝවොට් පැයකට ශත 60ක් ද ලබා දී තිබූ බව සඳහන්.

අනතුරුව ඉතා ඉක්මනින්, විශාල ජනතාවක් යෝජනා ක්‍රම සඳහා දායක වී සූර්ය පැනල සවි කළ අතර අනතුරුව ඔවුන්ගේ දීමනා කඩිනමින් ගෙවන ලෙසටයි රජයන්ට බල කෙරුණේ.

රජයේ මෙම ක්‍රියාමාර්ග හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළු ඔස්ට්‍රේලියාව පුරා වහලයන් මත මේ වන විට සූර්ය පැනල සවි කර තිබෙනවා.

කෙසේ වෙතත් දීමනා ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතීම හමුවේ 2020 වසරේදී වසරකට ඩොලර් 600ක් පමණ ලබා ගත් අයෙකු ඉදිරි දශකයේ මැද භාගය වන විට උපයන මුදල වසරකට ඩොලර් 320ක් තරම් කුඩා අගයක් දක්වා පහත වැටෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »