Search

ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය අද සිට තහනම්

අද සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ එළිමහන් අවකාශයේ දුම්බීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය දුම්වැටි මෙන්ම ඉලෙක්ට්‍රොනික දුම්වැටි යන දෙඅංශයටම අද සිට බලාත්මක වන පරිදි මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.

අදාළ නියෝග කඩ කරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඔවුන්ට දඩ පැනවීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

එළිමහන් පිහිනුම් තටාක, ළමා උද්‍යාන, වෙරළ තීර, සාප්පු සංකීර්ණ, ළමා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල් සහ රෝහල් ඇතුළත් පොදු අවකාශ ආශ්‍රිතව අද සිට දුම්පානය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

අවම වශයෙන් මෙම ස්ථාන වල සිට මීටර් 10ත් 50ත් ආශ්‍රිතව දුම්පානය සඳහා කිසිදු ඉඩක් නොලැබෙන බවයි වාර්තා වන්නේ.

තහනම් එළිමහන් කලාප තුළ දුම් පානය කරන පුද්ගලයෙකු හමුවුවහොත් එම ස්ථානයේදීම ඩොලර් 105 ක දඩයකට යටත්වීමට සිදුවනු ඇති.

ඔහුට එරෙහිව නඩු පැවරුවහොත් ඩොලර් 750ක් දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

දුම්පානය කරන්නන් මෙන්ම ඉන් අනෙක් පුද්ගලයින්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »