ෆෙඩරල් රජයේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ යෝජනා ක්‍රමය කැන්බරා හි පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව පළමු නිවාස ගැනුම්කරුවන්ට සියයට දෙකක තැන්පතුවකින් දේපලක් මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇති.
නව නිවසක් මිලදි ගන්නා ගැණුම්කරුවන් සදහා එහි වටිනාකමෙන් සියයට 40ක ආයෝජනයක් රජය විසින් සිදුකරනු ලබන අතර පවතින නිවසක් මිලදී ගැනීම සඳහා මෙම ප්‍රතිශතය සියයට 30ක් ලෙස සඳහන්.
ඒ අනුව පළමු නිවාස ගැනුම්කරුවන්ට සියයට දෙකක තැන්පතුවකින් නිවාස වෙළඳපොළට ඇතුළු වීමට ඉඩ ලැබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙම වැඩසටහනේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම යෝජනාවට හරිත පක්ෂය සිය විරෝධය පළ කර ඇති අතර අග්‍රාමත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ මෙවැනි ප්‍රගතශීලි ව්‍යාපෘතියක් සඳහා සුලු පක්ෂයක් මෙලෙස විරෝධය පල කිරීම පුදුම සහගත බවයි.
නිවාස අර්බුදයෙන් ඔස්ට්‍රේලියානුවන් මුදවා ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර පළමු නිවසක් සඳහා තැන්පතුවක් එකතු කර ගැනීමට ආහාර ගැනීම මඟහරින කුලී නිවැසියන්ගේ ගණන ද ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් යම් මුදලක් ඉතිරි කරන කාලය වන විට ඔවුන්ගේ මුදල් ප්‍රමාණවත් නොවන තරමට නිවාස මිල ගණන් ඉහළ ගොස් ඇති බව සඳහන්.
නිවාස අමාත්‍ය ජූලි කොලින්ස් පැවසුවේ මෙම යෝජනා ක්‍රමය දේපල වෙළඳපොළට ඇතුළු වීමට අපේක්ෂා කරන පළමු නිවාස ගැනුම්කරුවන්ට හොද ප්‍රතිලාභ අත්වන අතර ඔස්ට්‍රේලියානුවන් 40000කට නිවාස හිමිකම ලබා ගැනීමට උපකාරී වනු ඇති බවයි.
මෙම යෝජනාව ඉදිරියේදි පාර්ලිමේන්තුව තුල සම්මත වනු ඇතැයි අපේක්ෂා කරනවා.