Search

ප්‍රධාන රටක් ගබ්සාව නීතිගත කරමින් ව්‍යවස්ථාවෙන්ම අවසර ලබාදෙයි

ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශයේ සෙනෙට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

එය පහෙන් තුනක බහුතරයකින් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සෙනෙට් සභාව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ලබන සතියේ පාර්ලිමේන්තු ඒකාබද්ධ සැසියේදී ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සැලසුම් කර තිබෙනවා.

ප්‍රංශ රජය, නීති සම්පාදකයින් සහ සෙනෙට් සභිකයින් පෙන්වා දී තිබුණේ ගබ්සා කිරීමේ අයිතිය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අනෙකුත් රටවල අභියෝගයකට ලක්ව ඇති බැවින් එයට පූර්ණ ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් අවශ්‍ය බවයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් ලැබී තිබූ ඇති අතර ඊට විරුද්ධව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 50ක් පමණයි.

1974 වසරේ සිට ගබ්සාව ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

සෙනෙට් මණ්ඩලයේ දීර්ඝ විවාදයකින් පසුව අගමැති ගේබ්‍රියෙල් ඇටල් ප්‍රකාශ කළේ ලෝකයේ කාන්තා අයිතීන්ට බලපෑම් එල්ල වන මොහොතක ප්‍රංශය ඒ වෙනුවෙන් නැඟී සිට ප්‍රගතියේ මාවතට පිවිස ඇති බවයි.

ගබ්සා කිරීමට තීරණයක් ගන්නා කාන්තාවන්ගේ එම නිදහස ආපසු හැරවිය නොහැකි බවට පත් කිරීමට තමා පොරොන්දු වූ බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සඳහන් කර තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »