Search

ටයිටැනික් සොයා ගිය ටයිටන් සබ්මැරීනයේ හඬ පටයක් පළමු වරට එළියට

ගිලී ඇති ටයිටැනික් නෞකාව නිරීක්ෂණය සඳහා ගොස් අනතුරට පත් වූ ඕෂන් ගේට් සමාගමේ ටයිටන් නම් කුඩා සබ්මැරීනයට අදාළ හඬ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ channel 5 විසින් නිර්මාණය කළ ද ටයිටන් සබ් ඩිසාස්ටර් මිනිට් බයි මිනිට් (The Titan Sub disaster Minute by Minute) වාර්තාමය වැඩසටහනට සමගාමීවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි රැදී සිටි පිරිසගේ ඝෝෂාවේ සත්‍ය ශ්‍රව්‍ය පටයක් මෙම වාර්තාමය වැඩසටහනට ඇතුලත් කර ඇතැයි සඳහන්.

එම ඝෝෂාව ලෝහයකට තට්ටු කරන ශබ්දයක් මෙන් වූ අතර සබ්මැරීනයේ සුන්බුන් සාගර පත්ලේ තිබී සොයා ගැනීමත් සමඟ එහි සිටි පිරිසගේ ජීවිත බේරා ගැනීමේ බලාපොරොත්තු මෙහෙයුම් නිලධාරීන් විසින් අතහැර දැමුවා.

පසුගිය 2023 වසරේ ජුනි 18 වනදා ටයිටන් සබ්මැරීනයේ නැගී ටයිටැනික් සුන්බුන් නැරඹීමට ගිය හ මගීන් පස්දෙනා අතුරුදන් වූ අතර දින කිහිපයකට පසුල ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මෙම ශබ්දය අනාවරණය කර ගත් බවයි වාර්තා වන්නේ.

ඕෂන් ගේට් සමාගමේ ප්‍රධානී ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති හමිෂ් හාඩින්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන් මෙන්ම ප්‍රංශ කිමිදුම්කරුවෙකු ඇතුලු පස්දෙනාම ක්ෂණිකව සබ්මැරීනය පිපිරි මිය ගොස් ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඒ අනුව සොයාගන්නා ලද ඝෝෂාකාරී ශබ්දය මගීන්ගෙන් පැමිණිය නොහැකි බවට ද නිගමනය කෙරෙනවා.

කොටස් දෙකකින් යුත් වාර්තාමට වැඩසටහන ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සබ්මැරීනය පුපුරා ගොස් ඇති බව සොයා ගැනිම් වැනි දර්ශනවලින් ද සමන්විතයි.

ලබන මාර්තු මස 6 සහ 7 යන දිනවල මෙමෙ වැඩසටහන චැනල් 5 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතව තිබෙනවා.

එක්සත් රාජධානිය, කැනඩාව සහ ප්‍රංශය යන රටවල නියෝජිත ආයතන සමඟ සබ්මැරීනයේ පිපිරීමට හේතුව පිළිබඳ පරීක්ෂණයක් තවමත් සිදු වෙමින් පවතින අතර එතෙක් ඕෂන් ගේට් සමාගමේ සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »