මසකට ආසන්න කාලයක් වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින සාමන්තා මර්ෆි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
පසුගිය පෙබරවාරි 4 වන දා උදෑසන ව්‍යායම් සඳහා නිවසින් පිටවු ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පොලිසිය ඇතුලු බුද්ධි අංශ කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වීම අභිරහසක් බවයි වාර්තා වන්නේ.
පොලිස් නිල සුනඛයින්ල රහස් පොලීසියලඅතුරුදන්වුවන් සෙවීමේ කාර්යංශය සහ වික්ටෝරියා පොලීසිය එක්ව දින 25ක් පුරා අතුරුදන්වු කාන්තාව සොයා මෙහෙයුම් දියත් කළ ද ඇය පිළිබඳ මෙකෙත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට සමත්ව නැහැග
අවසන් වරට ඇගේ ජංගම දුරකතනය නාද වී ඇත්තේ ඇගේ නිවසේ සිට කිලෝමීටර 11ක් පමණ දුරින් වූ බනියන් සංඥා කුලුන මගින් බවයි වාර්තා වන්නේග
සමන්තා මර්ෆිගේ ජංගම දුරකථන දත්තවලින් උපුටා ගත් බුද්ධි තොරතුරු මගින්ල ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ දී මවුන්ට් ක්ලියර් ප්‍රදේශය වෙත පිරිස් යොමු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ හිටපු ෆෙඩරල් පොලිස් නිලධාරියෙකු සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ මහාචාර්ය නයිජල් ෆෙයාර් සඳහන් කළේ අතුරුදන් මර්ෆිගේ සම්බන්ධ විමර්ශණ දත්ත රටාවේ විෂමතාවයක් පවතින බවයි.
ඇය භාවිත කර ඇති අයි ෆෝන් මාදිලියේ දුරකතනය සහ අයි ස්මාර්ට් ඔරලෝසු දත්ත පිරික්සීම් කටයුතු ඔස්ට්‍රේලියානු උසස් තාක්ෂණ අපරාධ මධ්‍යස්ථානය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙය පැහැරගෙන යෑමක් ද නැතිනම් ඝාතනයක් ද, ඇය මේ වන විටත් ජීවතුන් අතර සිටී ද යන්න පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.