ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියානුවන්ට වහාම නිවෙස් වලින් ඉවත්වන්නැයි උපදෙස්

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ පදිංචිකරුවන් දස දහස් ගනනකට දැඩි උෂ්ණ තරංගයක් හේතුවෙන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.

 

බලධාරීන් පැවසුවේ වසර හතරක් තුළ එහි දරුණුතම තත්වයන්ට මුහුණ දෙන වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්ත ලැව් ගින්න තවදුරටත් පැතිර යා හැකි බවයි.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ විශාල ප්‍රදේශ සඳහා ඉහළ අනතුරු ඇඟවීමේ මට්ටමක් නිකුත් කර ඇති අතර, 56,000ක් පමණ ජනතාවක් වෙසෙන ග්‍රාමීය නගරයක් වන මිල්දුරා (Mildura) හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45  දක්වා ළඟා විය හැකි බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ.

 

එහි පදිංචිකරුවන් 30,000 කට පමණ තම නිවෙස්වලින් පිටව යන ලෙස නිලධාරීන් ඉල්ලා ඇති අතර ග්‍රාමීය නගර කිහිපයක් ආවරණය වන පරිදි ලැව් ගිනි බලපෑම් කලාපයක් හඳුනාගෙන ඇති බව සඳහන්.

 

වික්ටෝරියා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම කාලය ගිනි නිවන භටයින්ට ඉතා අභියෝගාත්මක දිනයක් වනු ඇති බවයි.

 

මෙල්බර්න් නගරයට කිලෝමීටර් 95ක් බටහිරින් පිහිටි බැලරට් නගරය ආසන්නයේ ගිනි නිවන භටයන් සිය ගණනක් දැවැන්ත ගින්නක් සමඟ සටන් කරමින් සිටින බව සඳහන්.

 

පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇවිලෙන ගින්න දැනටමත් නිවාස හයක් විනාශ කර ඇති අතර හෙක්ටයාර 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිස්සී තිබෙනවා.

 

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »