ගින්නෙන් බේරෙන්න දුම් රියෙන් පැන්න මගීන් තවත් දුම් රියකට යටවී මරුට

ඉන්දියාවේ ජම්දාරා ප්‍රදේශයේදී ශීඝ්‍රගාමී දුම්රියක මිනිසුන් ගැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් බොහෝ පිරිසක් මිය යන්නට ඇතැයි බිය පළකර තිබෙනවා.

දුම්රිය මැදිරි කිහිපයක ඇති වූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් මගීන් දුම්රියෙන් හදිසියේ බැස ඇති අතර එහිදි පැමිණි අධිවේගී දුම්රියක මෙම මගීන් ගැටී ඇති බවත් විදෙස් මාද්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, මරණ සංඛ්‍යාව නිශ්චිතව තහවුරු කර නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

වෛද්‍ය කණ්ඩායම් සහ ගිලන්රථ එම ස්ථානයට ගෙන ගොස් ඇත. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ජම්තාරා දිස්ත්‍රික්කයේ කලජාරියා දුම්රිය ස්ථානයේ දී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක් පිළිබඳ වාර්තා වීමෙන් පසු මගීන් මෙලෙස පැන යාමට උත්සාහ කර කිරීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »