Search

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයට තිස් වසරක් සපිරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක්

බෙරික් හි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය සහ අනුබද්ධිත දහම් පාසලට වසර 30ක් සපිරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

එම වසර තිහක කාලය තුල පැමිණි ගමන් මග සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සැලසුම් කර ඇත්තේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බෙරික් හි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරාධිපති අති පූජ්‍ය දිගාමඬුල්ලේ විමලානන්ද නායක හිමියන් විසින්.

ලබන මාර්තු මස 9වනදා පැවැත්වෙන උත්සවයට විහාරාධිපති හිමියන්ගේ ඇරයුමෙන් බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය වැඩම කෙරෙනවා.

මාර්තු 9 වනදා සවස 3 සිට සැමරුම් උත්සවය පැවැත්විමට සැලසුම් කර ඇත්තේ බෙරික් හි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදියි.

මෙම අවස්ථාව සඳහා එක්වන ලෙස ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විහාරස්ථානය ඉල්ලීමක් කරනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »