ඔස්ට්‍රේලියාවේ තරුණයන් අභිබවා තරුණියන් තැබූ වාර්තාව

ඔස්ට්‍රේලියාවේ තරුණයන්ට සාපේක්ෂව තරුණියන්ගේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වයස අවුරුදු 18 ත් 24 ත් අතර තරුණ කාන්තාවන් පෙරට වඩා නීති විරෝධී මත්ද්‍රව්‍ය ද භාවිත කරන අතර ඊට නිශ්චිත හේතුව පැවසීමට ප්‍රමාණවත් පර්යේෂණයක් සිදු වී නොමැති බව සඳහන්.

තරුණියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ වාර්තා ආරම්භයේ සිට ඔවුන් පළමු වරට තරුණයන්ට සමාන අනුපාතයකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය උපාය මාර්ග පිළිබඳ සමීක්ෂණයෙන් හෙළි වූයේ තරුණ කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට වඩා එනම් සියයට 35 ක් පසුගිය මාස 12 තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවයි. එය 2019 වසරේ සිට සසඳා බැලීමේදී සියයට 27 සිට ඉහළ යාමක් බව සඳහන්.

එම වයස් කාණ්ඩයේ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වන අනුපාතය සියයට 35ක් ලෙස ස්ථාවරව පවතිනවා.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය සඳහන් කළේ 1998 වසරේ සිට මේ සම්බන්ධව තොරතුරු එක් රැස් කෙරෙන අතර 2023 වසරේ වාර්තාව සඳහා ඔස්ට්‍රේලියානුවන් 21,000 කට වැඩි පිරිසක් සමීක්ෂණය කර ඇති බවයි.

බොහෝ ඔස්ට්‍රේලියානුවන්ගේ වැඩි කැමැත්තක් ඇති මත්ද්‍රව්‍ය ලෙසට ගංජා පවතින අතර කොකේන් දෙවන ස්ථානයට පත් වනවා.

තරුණයින් අතර ගංජා භාවිතය 2019 සහ 2023 වසර අතර කාලයේ සියයට හයකින් වැඩි වී ඇති අතර එම කාලය තුළ කොකේන් භාවිතය සියයට හතරකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 18 ත් 24 ත් අතර තරුණ කාන්තාවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් නිර්දේශිත මාර්ගෝපදේශවලට පිටින් මත්පැන් පානය කරන අතර එය සියයට 40ක ප්‍රතිශතයක්.

මත්පැන් භාවිතය ආශ්‍රිත මරණ වසර දහයකට පසු ඉහළ මට්ටමක පවතින අතර තවත් කණ්ඩායම් මත්පැන් භාවිතය හේතුවෙන් විවිධ අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවත් සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »